Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදාවෙන් යුද හමුදාවට ප්‍රහාරයක්
අන්තර් සමාජ රග්බි ලීගය

ගුවන් හමුදාවෙන් යුද හමුදාවට ප්‍රහාරයක්

editorial - 2022 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති තරග‍යෙන් ලකුණු 12-05 ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. මේ දක්වා තරග 5 කට ක්‍රීඩා කර ඇති ගුවන් හමුදා කණ්ඩායම එහිදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය විය.

ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමග ලකුණු රැස්කළ ගුවන් හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-00 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. ගුවන් හමුදා ක්‍රීඩකයන්ගේ දක්ෂ ක්‍රීඩා විලාශය හමුවේ යුද හමුදා ක්‍රීඩකයන්ට පළමු අර්ධයේදී ලකුණු ලබා ගැනීමට නොහැකි වූහ.

එහිදී ගුවන් හමුදාව ‍වෙනුවෙන් 23 වැනි විනාඩියේදී පරාක්‍රම රත්නායකද, 28 වැනි විනාඩියේදී අංජුල හෙට්ටිආරච්චිද උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් පළමු උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් එය ගෝලයක් බවට පත්ක‍රනු ලැබුවේ ගයන්ත ඉද්දමල්ගොඩ විසිනි.

දෙවැනි අර්ධයේදී ගුවන් හමුදා ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට ඉඩක් ලබා න‍ොදුන් යුද හමුදා ක්‍රීඩකයෝ, එහිදි දඬුවම් පහරක් මගින් ලකුණු 5 ක් ලබාගත්හ‍‍. කෙසේ වුවත් පළමු අර්ධයේදී පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය තමන් සතුකර ගැනීමට ගුවන් හමුදාව සමත් විය.  

ගුවන් හමුදාවේ ක්‍රිෂාන් සූර්යා පළමු අර්ධයේදීද (19 වැනි විනාඩියේදී), යුද හමුදාවේ ලසන්ත කුමාර දෙවැනි අර්ධයේදීද (37 වැනි විනාඩියේදී) විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. මෙම තරගයේදී ගුවන් හමුදාව ක්‍රීඩක අදේශ කිරීම් 6 ක්ද, යුද හමුදාව ක්‍රීඩක ආදේශ කිරීම් 7 ක්ද සිදුකළහ. 


අදහස් (0)

ගුවන් හමුදාවෙන් යුද හමුදාවට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.