Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චතුරංග හේලිස් පිලට ජය ගෙනෙයි

චතුරංග හේලිස් පිලට ජය ගෙනෙයි

editorial - 2022 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන එම්.සී.ඒ. සුපර් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (2 වැනිදා) පැවැති තරගයකදී සම්පත් බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 160 ක පහසු ජයක් වාර්තා කිරීමට හේලීස් කණ්ඩායම සමත් විය.

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 45 කට සීමා කෙරිණ. එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 307 ක ඉලක්කයක් හඹාගිය සම්පත් බැංකු කණ්ඩායමට කළණ පෙරේරා ප්‍රමුඛ හේලීස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 26 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 146 ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කළණ නිලකුණු ඕවරයක්ද සමග ඕවර 6 ක් යවමින් ලකුණු 35 කට කඩුලු 3 ක් දවාගත්තේය. ඩිල්රුවන් පෙරේරා, චතුරංග ද සිල්වා සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් බිඳහෙළමින් සම්පත් බැංකු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

දසුන් ශානක පන්දු 34 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 32 ක්ද, රනිත් ලියනාරච්චි පන්දු 16 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක්ද, ශිරාන් ප්‍රනාන්දු පන්දු 20 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 30 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් හේලීස් කණ්ඩායම ඕවර 45 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 306 ක් ලබාගත් අතර එහිදී නිමේෂ ගුණසිංහ (53) සහ චතුංරග ද සිල්වා (74) අර්ධ ශතක ලබාගත්හ. පන්දු 61 කට මුහුණදුන් චතුරංග හයේ පහර 5 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 61 කදී වාර්තා වූ නිමේෂගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරු ටී.එම්. සම්පත් පන්දු 46 කින් ලකුණු 39 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි. නායක විශාද් රන්දික පන්දු 59 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 47 ක්ද, මොහොමඩ් ශමාස් පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 42 ක්ද රැස්කරමින් හේලීස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


හේලීස් පිල - ඕවර 45 කදී කඩුලු 8 ක් දැවී 306
(ටී.එම්. සම්පත් 39, නිමේෂ ගුණසිංහ 53, විෂාද් රන්දික 47, චතුංරග ද සිල්වා 74, මොහොමඩ් ශමාස් 42, කවිඳු නදීෂාන් 41/3, දසුන් ශානක 56/3)

සම්පත් බැංකු පිල - ඕවර 26 කදී සියලු දෙනා 146  
(දසුන් ශානක 32, රනිත් ලියනාරච්චි 30, ශිරාන් ප්‍රනාන්දු නොදැවී 30, කළණ පෙරේරා 35/3, ඩිල්රුවන් පෙරේරා 21/2, චතුරංග ද සිල්වා 35/2, ප්‍රභාත් ජයසූරිය 46/2)

 


අදහස් (0)

චතුරංග හේලිස් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.