Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අසූව දශකයේදී ශී‍්‍ර ලංකාවේ රග්බි තරුව නිවී ගියේය. දිගු කලක් තිස්සේ රෝගාතුරව පසුවූ චන්දි‍්‍රශාන් පෙරේරා මහතා අද (24 වැනිදා) සවස සිය දිවි ගමන නිමා කළේය.
ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායමේ හිටපු විගර් කී‍්‍රඩකයා මෙන්ම හිටපු ශී‍්‍ර ලංකා රග්බි නායකයකු, පුහුණුකරුවකු, ශාරීරික යෝග්‍යතා උපදේශකවරයකු, මාධ්‍යවේදියකු මෙන්ම විස්තර විචාරකයකුද වූ චන්ද්‍රිශාන් පෙරේරා මහතා කලක් සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවේද නිරත විය. කි‍්‍රකට් පිටියේදී ඔහු වේග පන්දු යවන්නකු විය.
1984 හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම බඳුන ශූරතාව දිනාගැනීමේදී චන්දි‍්‍රශාන් අගනා මෙහෙවරක් කළ අයෙකි.
ශී‍්‍ර ලංකා රග්බි ආයතනයේ පළමු වැනි ප‍්‍රධාන විධායක නිලධාරියා වූ චන්ද්‍රශාන් පෙරේරා මහතා කාන්තා රග්බි කී‍්‍රඩාව ශී‍්‍ර ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කළ අයෙකි.
කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට යමින් සිටියදී ඔහු එයින් ඉවත්ව එංගලන්තය බලා ගියේය. සිය ළමා කාලය සම්පූර්ණයෙන්ම පාහේ එංගලන්තයේ ගතකළ චන්ද්‍රිශාන් පෙරේරා එංගලන්තයේදී රග්බි සහ කි‍්‍රකට් කී‍්‍රඩාව වෙත නැඹුරු විය. එංගලන්තයේදී ඔහුගේ පාසල් කි‍්‍රකට් සගයන් වූ ජෝන් ක්‍රෝලි සහ නසාර් හුසේන් පසුකළෙක එංගලන්තය වෙනුවෙන් ද කී‍්‍රඩා කළහ. ශී‍්‍ර ලංකාවට පැමිණීමෙන් පසුව චන්දි‍්‍රශාන් වැඩි කාලයක් කී‍්‍රඩා පිටියේ ගතකළේය.
ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් අති විශාල උනන්දුවක් දැක්වූ මෙම වි`ගර් කී‍්‍රඩකයා, වෘත්තීය මට්ටමට පිවිසීමට බලාපොරොත්තු වන්නේ නම් කී‍්‍රඩකයන් වශයෙන් අති විශාල කැපකිරීමක් වෙනුවෙන් සූදානම් විය යුතු බව වචනයෙන් නොව, ආදර්ශයෙන් ම පෙන්වා දුන් අයෙකි.
චන්දි‍්‍රශාන් පෙරේරා මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු කියති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.