Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු යළිත් වතාවක් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන ජූලි මාසයේ හොඳම ක්‍රීඩිකාවන් තිදෙනා අතරට එක්වී තිබේ. ජූලි මාසයේදී හොඳම දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් තිදෙනා ලයිස්තුගත කර පසුව කෙටි පණිවිඩ ඔස්සේ ලැබෙන ඡන්දය අනුව මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව තෝරා ගැනේ.
ජූලි මාසයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වතාවට ආසියානු ශූරියන් බවට පත්කිරීමට නායිකා චමරි අතපත්තු සමත් වූවාය. මෙම තරගාවලියේදී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 304 ක් ලබාගත් චමරි අතපත්තුගේ ඉනිමක සාමාන්‍යය 101.33 කි.
ජූලි මාසයේ හොඳම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ලයිස්තුවට එක්ව සිටින අනෙක් ක්‍රීඩිකාවන් දෙදෙනා වන්නේ ඉන්දීය නායිකා ස්මිත්‍රි මන්දනා සහ ශෆාලි වර්මා දෙදෙනාය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පාලනය කරනු ලබන කෙටි පණිවිඩ වලින් ලැබෙන ඡන්ද අනුව මාසයේ ක්‍රීඩිකාව තෝරා ගැනේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.