Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
චාමර සිල්වා (නොදැවී 65) සහ රන්මිත් ජයසේන (නොදැවී 66) එක්ව පැවැත්වූ ලකුණු 134 ක නොබිඳුණු සම්බන්ධතාව හේතුවෙන් වෙළඳසේවා ක්‍රිකට් සංවිධානය කරන පිළිම134 ක නොබිඳුණු සම්බන්ධතාව හේතුවෙන් වෙළඳසේවා ක්‍රිකට් සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට හැටන් නැෂනල් බැංකු පිල සමත්විය.
බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී හේලීස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට හැටන් නැෂනල් බැංකු පිලට හැකිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹාගිය හැටන් නැෂනල් බැංකු පිල ඕවර 42 කදී කඩුලු 5 ක් පමණක් දැවී ජයග්‍රහණය පසුකර යෑමට සමත්විය. පෙරදින ඇති වූ වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයේ පැවැති තෙත ස්භාවය හේතුවෙන් තරග ආරම්භය පමාවූ අතර එක් ඉනිමක් ඕවර 45 කට සීමා විය.
කසුන් අබේරත්න අර්ධ ශතකයක් ලබාගනිමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්නද සෙසු මුල් පෙළ පිතිකරුවන්ලේ දුර්වල පිතිහරඹයන් හේතුවෙන් ලකුණු 80 ක් තුල කඩුලු 5 ක් බිඳ වැටුණී. කසුන් අබේරත්න පන්දු 69 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 56 ක් ලබාගත්තේය.
ඉන්පසු 6 වැනි කඩුල්ල සඳහා එක්වූ චාමර සිල්වා සහ රන්මිත් ජයසේන පන්දු 131 කදී පැවැත්වූ ලකුණු 134 ක නොබිඳුණු සම්බන්ධතාව හේතුවෙන් හැටන් නැෂනල් බැංකු පිලට ජයග්‍රහණය කරා යෑමට අවස්ථාව හිමිවිය.
චාමර සිල්වා පන්දු 75 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 65 ක් සහ රන්මිත් ජයසේන පන්දු 64 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 66 ක් ලබාගැනීමට සමත්වූහ.
ප්‍රභාත් ජයසූරිය සහ චතුරංග ද සිල්වා කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් වූහ.
කාසියේ වාසිය දිනූ හැටන් නැෂනල් බැංකු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවටප හරදුන් හේලීස් පිලට ඕවර 45 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 212 ක් පමණි.
වේගවත් පිතිහරඹයක නිරත වූ ළහිරු සමරකෝන් පන්දු 27 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 49 ක් ලබාගත්තේය. ඊට අමතරව විශාද් රන්දික ලකුණු 48 ක් සහ රොන් චන්ද්‍රගුප්ත ලකුණු 42 ක් ලබාගනිමින් හේලීස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
කෙමිර විජේනායක, මාධව වර්ණපුර සහ උස්මාන් ඉෂාක් කඩුලු 2 බැගින් දවාගනිමින් හේලීස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
හේලීස් - ඕවර 45 කදී කඩුලු 9 ක් දැවී 212
(රොන් චන්ද්‍රගුප්ත 42, විශාද් රන්දික 48, ළහිරු සමරකෝන් 49, කෙමිර විජේනායක 23/2, මාධව වර්ණපුර 36/2, උස්මාන් ඉෂාක් 38/2)
හැටන් නැෂනල් බැංකුව - ඕවර 42 කදී කඩුලු 5 ක් දැවී 214
(කසුන් අබේරත්න 56, චාමර සිල්වා නොදැවී 65, රන්මිත් ජයසේන නොදැවී 66, ප්‍රභාත් ජයසූරිය 39/2, චතුරංග ද සිල්වා 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.