Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චිගුම්බුරාටත් ක්‍රිකට් ඇතිවෙයි

චිගුම්බුරාටත් ක්‍රිකට් ඇතිවෙයි

editorial - 2020 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
සිම්බාබ්වේ ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක එල්ටන් චිගුම්බුරා පාකිස්තානයට එරෙහිව අද (10 වැනිදා) අවසන්වන විස්සයි20 තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩකයා 2004 දී ආරම්භ කළ වසර 16 ක ජාත්‍යන්තර වෘත්තීය ක්‍රිකට් දිවිය අවසන් වනු ඇත.

මේ වනවිට 34 හැවිරිදි චිගුම්බුරා ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් 14 ක්, එක්දින තරග 213 ක් සහ අද පැවැත්වෙන විස්සයි20 තරගයත් සමගින් තරග 57 කට සහභාගිවී තිබේ.

“හිටපු නායක එල්ටන් චිගුම්බුරා වත්මන් පාකිස්තානු චාරිකාව අවසානයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සූදානම් ”යැයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය පසුගියදා සිය නිල ට්විටර් ගිණුමෙහි සටහන් කර තිබුණි.

දිගින් දිගටම තමා ආබාධ වලට ලක්වන බවත්, තරුණයන්ට ජාතික කණ්ඩායමේ අවස්ථාව ලබාදිය යුතු නිසා තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව චිගුම්බුරා පවසා ඇත.

පාකිස්තානයට එරෙහි තෙවැනි විස්සයි20 තරගය ආරම්භ වීමට පෙර තුන් ඉරියව් ක්‍රීඩකයා ජාත්‍යන්තර ලකුණු 5800 ක් රැස් කර ඇති අතර කඩුලු 138 ක් දවාගෙන ඇත. ශතක දෙකක් සහ අර්ධ ශතක 26 ක් ඔහුගේ ජාත්‍යන්තර දිවියට ඇතුළත්වේ. ඔහු එක්දින තරග 62 කදී සහ විස්සයි20 තරග 18 කදී සිබ්බාබ්වේ කණ්ඩායමට නායකත්වය ලබාදි ඇත. ග්‍රාන්ට් ෆ්ලවර්ට පසුව සිම්බාබ්වේ පිල වෙනුවෙන් එක්දින ලකුණු 4000 ක් සහ කඩුලු 100 ක් ලබා ගත් දෙවන ක්‍රීඩකයා සහ එකම ක්‍රීඩකයා ඔහු වන්නේය.

2007 අයි.සී.සී විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයේ දී චිගුම්බුරා වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර, එහිදී ඔහු ඕවර 3 ක් යවමින් ලකුණු 20 කට කඩුලු 3 ක් ලබා ගත්තේය. 2002 සහ 2004 දී වයස 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි දෙකකදී සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කළ චිගුම්බුරා, 2011 අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ අතර 2015 අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී සිම්බාබ්වේ පිලට නායකත්වය දුන්නේය.

- 2079

අදහස් (0)

චිගුම්බුරාටත් ක්‍රිකට් ඇතිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.