Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 12 වැනි දිනය නිමාවට පත්වන විට රන් පදක්කම් 32 ක් දිනා සිටි චීනය තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණ රැක ගැනීමට සමත්ව සිටියි. රිදී පදක්කම් 21 ක් සහ ලෝකඩ පදක්කම් 16 ක් සමගින් මේ වන විට චීනය දිනා ඇති මුලු පදක්කම් සංඛ්‍යාව 69 කි.
රන් පදක්කම් 24 ක් දිනා සිටින ඇමරිකාව පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර සත්කාරක ජපානය එහි දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ රන් පදක්කම් 19 කට හිමිකම් කියමිනි. ඇමරිකාව මේ වන විට පදක්කම් 73 කට හිමිකම් කියන අතර ජපානය හිමිකරගෙන ඇති මුලු පදක්කම් ගණන 36 කි.
ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 14 ක් සමග එහි සිවුවැනි ස්ථානයටද, රුසියානු ඔලිම්පික් කමිටුව රන් පදක්කම් 13 ක් සමග එහි පස්වැනි ස්ථානයටද හිමිකම් කියති. බ්‍රිතාන්‍යයද රන් පදක්කම් 13 ක් දිනා සිටින නමුත් දිනා ඇති රිදී පදක්කම් සංඛ්‍යාව අනුව ඔවුන් රුසියානු ඔලිම්පික් කමිටුවට වඩා පසුපසින් රැදී සිටියි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.