Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙනාල් - කුසලි - අනුක් - මැයැසි බාලක - බාලිකා ශූරතා දිනාගනිති

චෙනාල් - කුසලි - අනුක් - මැයැසි බාලක - බාලිකා ශූරතා දිනාගනිති

editorial - 2022 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමය 10 වැනි වරටත් සංවිධානය කළ විවෘත බාලක, බාලිකා වයස අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ බැඩ්මින්ටන් තරගාවලියේදී ශූරතා දිනාගැනීමට චෙනාල් දෙව්ශාන්, කුසලි ඉන්දීවරී, අනුක් විශ්වක සහ මියැසි නෙතාරා සමත් වූහ.

මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පසුගියදා පැවැති මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 150 කට වැඩි පිරිසක් සහභාගි වූහ. කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 සහ 2021 වසරවලදී මෙම තරගාවලිය නොපැවැත්විණ.

අවසන් මහ තරගයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මොරටුව වයි.එම්.සී.ඒ. හි සභාපතිනිය වන නීතිඥ නිලානි මන්ත්‍රීනායක මහත්මිය සහභාගී වූවාය. එහි අධ්‍යක්ෂවරු සහ තවත් ආරාධිත අමුත්තෝ පිරිසක්ද එම අවස්ථාවට එක්වුහ.

ජාත්‍යන්තර විනිසුරුවරයකු වන චන්දන නිලන්ත මහතාගේ අධීක්‍ෂණයෙන් විනිශ්චය කටයුතු පැවැත්විණ. ජයග්‍රාහකයන්ට, අනු ශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පිවිසි තරගකරුවන්ට වටිනා සිහිවටන, ත්‍යාග පදක්කම් සහ සහතිකපත් පිරිනැමිණ.

 

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස මොහාන් විජේසිංහ මහතා (බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ සභාපති), සීමා සහිත ඇස්ට්‍රොන් සමාගම සහ පුවක්අරඹ ඒජන්සීස් සමාගම කටයුතු කළහ. ත්‍යාග හිමිවුවන්, මොරටුව වයි.එම්.සී.ඒ. හි සභාපතිනි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්, ප්‍රධාන ලේකම්, ජාත්‍යන්තර විනිසුරු සහ සම්භාවනීය අමුත්තන් සමූහ ඡායාරූපයේ වෙති.


වයස 13 න් පහළ (බාලක)
ශූරතාව - චෙනාල් දෙව්ශාන්
අනු ශූරතාව - කවීෂ ශෙරාන්

වයස 13 න් පහළ (බාලිකා)
ශූරතාව - කුසලි ඉන්දීවරී
අනු ශූරතාව - සියාත්‍රා තරුන්දි  

වයස 11 න් පහළ (බාලක)
ශූරතාව - අනුක් විශ්වක  
අනු ශූරතාව - රමිතු දිමන්සිත්  

වයස 11 න් පහළ (බාලිකා)
ශූරතාව - මියැසි නෙතාරා  
අනු ශූරතාව - රශ්මි දිනායා  

-036

 


අදහස් (0)

චෙනාල් - කුසලි - අනුක් - මැයැසි බාලක - බාලිකා ශූරතා දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.