Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙස් ඔලිම්පියාඩ් තරගාවලිය හෙට ඇ‍රඹේ

චෙස් ඔලිම්පියාඩ් තරගාවලිය හෙට ඇ‍රඹේ

editorial - 2022 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික චෙස් සම්මේලනය විසින් 44 වැනි වරටත් සංවිධානය කරනු ලබන චෙස් ඔලිම්පියාඩ් තරගාවලිය මෙම මස 28 වැනිදා සිට අගෝස්තු මස 10 වැනිදා දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවරදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

සමස්ත ලෝක ප්‍රජාව නියෝජනය වන අයුරින් නිර්මාණය වූ සම්භාව්‍ය මට්ටමේ තරග ඉසව්වක් ලෙස හැඳින්විය හැකි චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේදී ලෝකයේ එක් එක් රටවලින් සහභාගී වන විශිෂ්ඨයෝ  තමන්ගේ රට නියෝජනය කරමින් එකිනෙකාට එරෙහිව තරග බිමට පිවිසීසෙති.

ලෝව පළමු නිල නොවන චෙස් ඔලිම්පියාඩ් තරගාවලි ඉසව්වක් පවත්වා ඇත්තේ 1924 වසරේ ප්‍රංශයේ පැරිස් අගනුවරදීය. මෙම තරග ඉසව්වෙන් අනතුරුව වාර්ෂිකව චෙස් ඔලිම්පියාඩ් තරගාවලියක් පැවැත්වීම සිදුවූ අතර මෙම වසරේ පැවැත්වීමට නියමිතව ඇත්තේ චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ 44 වන දිගහැරුමය.

මෙම වසරේ (2022) චෙස් ඔලිම්පියාඩ් තරගාවලිය රුසියාවේ පැවැත්වීම සදහා සැලසුම් සකස් කොට තිබුණද, මේ වනවිට රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුධමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික චෙස් සම්මේලනය විසින් මෙම ඉසව්ව ඉන්දියවේදී පැවැත්වීමට තීරණය කරනු ලැබීය.

මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය ජූලි 28 වැනිදා පැවැත්වීමට නියමිත අතර එම අවස්ථාව සදහා දේශපාලන සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රයන්හි ආරාධිත භවතුන් කිහිප දෙනෙක්ම සහභාගී වීමට නියමිතය. ජූලි 29 වැනිදා සිට අගෝස්තු 9 වැනිදා දක්වා කාල පරාසය තුළ සමස්ත තරග 11 ක් පැවැත්වෙන අතර අගෝස්තු 4 වැනිදා විවේක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

තරගාවලියේ කාලසටහනට අනුකූලව සියලුම තරග ඉන්දීය සම්මත වේලාවෙන් සවස 3.00 ට ආරම්භ වීමට නියමිතය. සියලුම ක්‍රීඩකයන්ට පලමු ඇදීම් වාර 40 සදහා මිනිත්තු 90 ක කාලයක් ලබා දෙන අතර තරගයේ ඉතිරි කාලසීමාව සදහා මිනිත්තු 30 ක කාලයක් හිම්වේ. මෙහිදී පලමු ඇදීමේ සිට තත්පර තිහක අමතර කාලය වර්ධනය වීමක් සිදුවේ.

ශ්‍රී ලංකාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, කෙන්යාව ඇතුළු තවත් ලොව පුරා රටවල් රැසක කණ්ඩායම් සහභාගී වන මෙම තරගාවලියේ විවෘත අංශය නියෝජනය කරමින් කණ්ඩායම් 188 ක්ද, කාන්තා අංශය නියෝජනය කරමින් කණ්ඩායම් 162 ක්ද තරග වැදීමට නියමිතය.

තරගාවලියේ විවෘත හා කාන්තා යන අංශ ද්විත්වයේම කණ්ඩායමකට ක්‍රීඩකයන් සිව් දෙනෙක් සහ අතිරේක ක්‍රීඩකයෙකු ඇතුලත් වේ. එක් තරගයක් ජයග්‍රහණය කළහොත් එම කණ්ඩායමට ලකුණු දෙකක ප්‍රමාණයක් හිමිවන අතර යම් හෙයකින් තරගයක් ජය පරාජයකින් තොරව අවසන් වුවහොත් කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් හිමිවේ.

තරගයක් පරාජය වුවහොත් පරාජිත කණ්ඩායමට කිසිදු ලකුණක් හිමි නොවන අතර තරගාවලිය අවසානයේදී ලකුණු සටහනට අනුව වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායම තරගාවලියේ ශූරයන් බවට පත්වන අතර එම කණ්ඩායම ඔලිම්පියාඩ් ශූරතාවයෙන් පිදුම් ලබනු ඇත. එහිදී විවෘත අංශයේ ශූරතාවය හිමි කරගන්නා කණ්ඩායමට ‘හැමිල්ටන් රසල්’ කුසලානය හිමිවන අතර කාන්තා අංශයේ ශූරතාවය දිනාගන්නා කණ්ඩායමට ‘වේරා මෙන්චික්’ කුසලානය හිමිවේ.

අන්තර්ජාතික චෙස් සම්මේලනය විසින් විවෘත හා කාන්තා යන අංශ දෙකම ඒකාබද්ධ කරමින් සිදුකරන වර්ගීකරණය තුළ අන්තර්ගත ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය ඔස්සේ පලමු ස්ථානයේ රැදීසිටින කණ්ඩායමට ‘නෝනා ගැප්‍රින්දෂ්විලි’ කුසලානය හිමි වේ. එමෙන්ම පලමු ස්ථාන තුනේ රැදීසිටින කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් හිමි වන අතර සහභාගී වන සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ  දක්ෂතා මත සිදුකරන වර්ගීකරණය ඔස්සේ කේවල මට්ටමින් ත්‍යාග ලබාදීමද සිදුවේ.

 

විවෘත අංශය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා පිල
එස්.ටී. ද සිල්වා, රනිදු දිල්ශාන් ලියනගේ, ඉසුරු අලහකෝන්, එස්.ඩී. කිරිඇල්ල සහ නබිල් නසාර් මොහොමඩ්

කාන්තා අංශය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා පිල
අයි.එම්. සචිනි රණසිංහ, දේසන්ධි ශිහංසා ගමගේ, ජනන්දනී අබේසිංහ, පසිදි යාත්‍රා විජේසූරිය සහ නෙත්මා ලසන්දි වික්‍රමසිංහ

-036


අදහස් (0)

චෙස් ඔලිම්පියාඩ් තරගාවලිය හෙට ඇ‍රඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.