Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙස් තරගාවලිය 14 දා

චෙස් තරගාවලිය 14 දා

editorial - 2025 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

කලුතර සුපර් ෆයිටර්ස් වෙස්  ක්‍රීඩා සමාජය  වාර්ෂිකව සංවිධානය කරන සුපර් ෆයිටර්ස් කුසලාන චෙස් තරගාවලිය  මේ මස 14 වැනිදා  හොරණ රාජකීය විදයාලයේ දී පැවැත්වේ.

වයස් කාණ්ඩ හතරක් යටතේ  මේ තරගාවලිය පැවැත්වෙන අතර තරගාවලිය සදහා අදාළ වයස් කාණ්ඩයේ පසුවන දිවයිනේ ඕනෑම කණිෂ්ඨ චෙස් ක්‍රිඩක,ක්‍රීඩිකාවන්ට සහභාගී විය හැකිය. වයස අවුරුදු 08 පහළ, 10 පහළ,  12 පහළ සහ 15 න් පහල බාලක සහ බාලිකා අංශවලින් තරගාවලිය පැවැත්වේ.

සෑම වයස් කාණ්ඩයකම  ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් සඳහා ශූරතා කුසලාන, පදක්කම් සහ  සහතික ප්‍රදානය කෙර්. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 14 වැනිදා පස්වරු  6.30 සිට හොරණ රාජකීය විදුහල් විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වේ.

තරගාවලිය සම්බන්ධ වැඩි විස්තර, දුරකතන අංක 0768-916156  ඔස්සේ  සමීර දිසානායක මහතා අමතා ලබා ගත හැකිය.


අදහස් (0)

චෙස් තරගාවලිය 14 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.