Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙස් තේරීම් තරග අද - හෙට

චෙස් තේරීම් තරග අද - හෙට

editorial - 2021 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ආසියානු විශ්ව විද්‍යාල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වන චෙස් කණ්ඩායම තේරීමේ තරඟ අද සහ හෙට (13 - 14) අන්තර්ජාලය ඔස්සේ පැවැත්වේ. ක්‍රීඩිකාවන් හතරක් සහ ක්‍රීඩකයින් හතරක් ලෙස කාන්තා සහ පිරිමි වශයෙන් මෙම තරග පැවැත්වේ.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ ලේකම්වරයා මෙන්ම, ශ්‍රී ලංකා විශ්ව විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ චෙස් කමිටු සභාපති, මොරටුව විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ ශාරීරික අධ්‍යාපන උපදේශක ලක්ෂ්මන් විජේසූරිය මහතාගේ අධීක්ෂණයෙන් මෙම තරග පැවැත්වේ. ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ විනිශ්චයකරුවෝ තරගාවලිය විනිශ්චය කරති.

තේරීම් තරග සඳහා සෑම විශ්ව විද්‍යාලයකින්ම කාන්තා සහ පිරිමි කණ්ඩායමකට සහභාගි විය හැකිය. කණ්ඩායමක් ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් 4 දෙනකුගෙන් සමන්විත වේ.

ආසියනු තරගාවලියට යවනු ලබන්නේ සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියෙන්ම තෝරාගනු ලබන කණ්ඩායම් දෙකකි.

 


අදහස් (0)

චෙස් තේරීම් තරග අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.