Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඡන්දය අවභාවිත කළ කොළඹ සංගමය තහනම්

ඡන්දය අවභාවිත කළ කොළඹ සංගමය තහනම්

editorial - 2023 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නිත්‍යානුකූල නොවන ආකාරයේ නිලවරණයක් පැවැත්වීමේ චෝදනා මත කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමය තහනම් කිරීමටත් එහිදී සභාපති ධුරයට පත්වූ බව ප්‍රකාශ වන නිරෝෂණ පෙරේරා මහතාට මල්ලවපොර ක්‍රීඩා ක්ෂේත්‍රයේ සියලු ආකාරයේ කටයුතු කිරීම සිවු වසරකට වළක්වමින් ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය නියෝගයක් පනවා තිබේ.

ඒ සම්බන්ධයෙන් මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වසර 2022 දී කොච්චිකඩේ ප්‍රජා ශාලාවේදී පවත්වන ලද කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ නිලවරණය ඡන්දය අවභාවිතා කිරීම හා ව්‍යවස්ථාපිත උපදෙස් අනුගමනය නොකිරීම හේතුවෙන් පසුගිය සැප්තැම්බර් 10 වැනිදා සිට එහිදී පත්කර ගන්නා ලද සියලුම නිලතල අහෝසිවන බවත්ය.

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ මීළඟ නිලවරණය ඉතා නුදුරේදී කැඳවෙන බව ප්‍රකාශ වී තිබේ. වත්මන් සභාපති සරත් හේවාවිතාරණ මහතා එහිදී නැවතත් සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට සූදානම්වන බවද වාර්තාවේ.

කෙසේ වුවත් කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි පාර්ශව දෙකක් බැගින් එම දිස්ත්‍රික්කයන්හි මල්ලවපොර සංගම් ලෙස පෙනී සිටින අතර එම සියලු පාර්ශ්ව වෙත මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය උපදෙස්දී ඇත්තේ කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්ක මල්ලවපොර සංගම් සඳහා බෙදුණු පාර්ශව එක්වෙමින් පිළිගත හැකි නිලවරණ කැඳවීමට පියවර ගත යුතු බවත්ය.

ඒ අනුව ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර එම නිලවරණ නීත්‍යානුකූලව පවත්වා අවසන් කරන ලෙසත් චෝදනාලාභී පාර්ශ්ව වෙත උපදෙස් ලබාදී තිබේ.

කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා සමාජ හතරක ඡන්දය පැවැති කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ නිලවරණයේදී අවභාවිතා කර ඇතැයි එහිදී පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ඒ වනවිටත් එහි උප සභාපතිවරයකු ලෙස කටයුතු කරමින් සිටි කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා උපදේශකවරයකු වන නවුෂාඩ් හක් මහතා විසිනි.

ඒ පිළිබඳව කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා මල්ලවපොර සම්මේලනයේ සභාපතිවරයාගෙන් කරුණු පැහැදිලි කිරීමක්ද ඉල්ලා තිබේ.


අදහස් (0)

ඡන්දය අවභාවිත කළ කොළඹ සංගමය තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.