Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ඕවරයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සමකිරීමට චෙන්නායි සුපර් කිංගස් පිලේ රවින්ද්‍ර ජදේජා අද (25 වැනිදා) සමත්විය. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව මේ වනවිට පැවැත්වෙන තරගයේ අවසන් ඕවරය යැවූ හර්ෂල් පතෙල්ට (6, 6, 6, 6, 2, 6, 4) ලකුණු 36 ක් ලබාගනිමින් මෙම වාර්තාව සමකිරීමට ජදේජා සමත්විය. මෙම ඕවරයේ තුන්වැනි පන්දුව නිපන්දුවක් වූ නමුත් එයත් හතරේ සීමාවට ඉහළින් යැවීමට ජදේජා සමත් වූයේය.
රවින්ද්‍ර ජදේජා පිටියට පිවිසි විගසම, ලකුණු ලබාගැනීමට පෙර දුන් උඩපන්දුවක් ඩැනියෙල් ක්‍රිස්ටියන් විසින් අතහැරීමේ ඵලවිපාක රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට විඳින්නට සිදුවිය.
මින් පෙර, 2011 වසරේදී, කේරළයේ කෝචී ටස්කර්ස් පිලට එරෙහිව පැවැති තරගයකදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ ක්‍රිස් ගේල් විසින් ද පන්දු යැවූ ප්‍රසාන්ත් පරමේස්වරන් හමුවේ (6, 6, 4, 4, 6, 6, 4) ලකුණු 36 ක් ලබාගනිමින් මෙම වාර්තාව පිහිටුවා තිබුණි. එදා එම ඕවරයේ දෙවැනි පන්දුව නිපන්දුවක් විය.
ඒ අනුව පන්දු යවන්නකු විසින් ඕවරයකදී ලබාදුන් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද සම කෙරුණි. කෝචී ටස්කර්ස් පිලේ ප්‍රසාන්ත් පරමේස්වරන් ඕවරයකදී ලකුණු 37 ක් ලබාදෙමින් තබා තිබූ වාර්තාව රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ හර්ෂල් පතෙල් විසිනු සම කරනු ලැබිණ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.