Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනකෙළිමඬල ප්‍රදර්ශනය අප්‍රේල් 6 - 7 - 8

ජනකෙළිමඬල ප්‍රදර්ශනය අප්‍රේල් 6 - 7 - 8

editorial - 2022 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජන ක්‍රීඩා පිළිබඳව ජනතාව දැනුවත් කෙරෙන ජන කෙළිමඬල ප්‍රදර්ශනය අප්‍රේල් මස 6, 7, 8 යන දිනවල නයිවල සතිපොළ භූමියේ දී  පැවැත්වේ.  ශ්‍රී ලංකා ජාතික ජන ක්‍රීඩා සංසදය සංවිධානය කරන මෙම තෙදින ප්‍රදර්ශනයේදී ජන ක්‍රීඩා පිළිබඳව ජනතාව දැනුවත් කෙරෙන වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එහි ලේකම් එම්. එම්. අතුල විජේනායක මහතා පවසයි.

එදින ඉදිරිපත් කෙරෙන විශේෂාංග අතර පාසල් බාලක බාලිකාවන් ඉදිරිපත් කරන සෞන්දර්යාත්මක ජනක්‍රීඩා සංදර්ශන, ජන ක්‍රීඩා පිළිබඳව වසර 30ක ගවේෂනාත්මකව සොයා ගත් තොරතුරු, ජන ක්‍රීඩා පරිහානියට බලපෑ කරුණු, ජන ක්‍රීඩාවල නිරතවීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන, ඉපැරණි ජන ක්‍රීඩා නිරූපණය කරන පිළිරූ ප්‍රදර්ශනය, අතීතයේ ජන ක්‍රීඩා සඳහා භාවිතා කළ උපකරණ ප්‍රදර්ශනය, ජන ක්‍රීඩා අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමට දරනු ලබන අළුත්ම ක්‍රියාමාර්ග, ජන ක්‍රීඩා සඳහා  සතුන් බැඳි ඇති  ආකාරය දැක්වෙන චිත්‍ර ප්‍රදර්ශනය ද කැපී පෙනේ.

ජාතික  ජන ක්‍රීඩා සංසදයේ ලේකම් අතුල විජේනායක මහතා පවසන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වන් ලෙස ප්‍රචලිත කිරීමට අපේක්ෂා කරන තාච්චි පැනීම ඉසව්වේ ප්‍රදර්ශන තරග ද ජනකෙළි ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කෙරෙන බවයි.  ඒ හැරෙන්නට අංගම්පොර ප්‍රදර්ශන හා ‘රන්වල බළකාය ඉදිරිපත් කරන  ජන ක්‍රීඩා සාහිත්‍යමය වැඩසටහන්ද ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික හා ජාතික උරුමයන් ලෙස හඳුනා ගන්නා ‘ජන ක්‍රීඩා’ අභාවයට ගොස් තිබෙන තත්ත්වයක් තුළ එය නැවත ශ්‍රී ලාංකිකයන් අතර නඟා සිටුවීම ජාතික ජන ක්‍රීඩා සංසදය පිහිටුවා  ගැනීමේ අරමුණ වූ බව  එහි නිර්මාතෘවරයා ද වන අතුල විජේනායක මහතා වැඩිදුරටත් පැවසීය.

සංසදයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අත්තනගල්ල රජමහා විහාරාධිපති මෙන්ම  ඇමරිකාවේ හුස්ටන් බෞද්ධ විහාරාධිපති,  ලොස් ඇන්ජලිස් නුවර ධර්ම විජය විහාරස්ථානයේ ලේඛකාධිකාරි, තායිවානයේ ථෙරවාදි බෞද්ධ විහාරාධිපති සහ ධුර දරන ආචාර්ය පූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද මහනාහිපාණෝය.


අදහස් (0)

ජනකෙළිමඬල ප්‍රදර්ශනය අප්‍රේල් 6 - 7 - 8

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.