Last Update  :  2025-03-14 11:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනපති කුසලාන වෝටර් පෝලෝ තරගාවලිය අද - හෙට

ජනපති කුසලාන වෝටර් පෝලෝ තරගාවලිය අද - හෙට

editorial - 2024 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

ජාතික  තරුණ සේවා සභාව පළමු වරට හදුන්වා දෙන ජනාධිපති  කුසලාන  ' වෝටර්  පෝලෝ ' තරගාවලිය අද - හෙට (29 - 30) කොළඹ  සුගතදාස  ජල ක්‍රීඩා  සංකීර්ණයේදී  පැවැත්වේ.

ඒ සදහා  පාසල්  හා ක්‍රීඩා සමාජ 31 ක් ඉදිරිපත්ව සිටින අතර එහිදී  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකතුවේ අගය 400 ක් පමණ වේ.වීවෘත ඉසව් හැරෙන්නට  වයස 13 න් පහළ, 17 න් පහළ හා 19 න් පහළ යන බාලක හා බාලිකා ඉසව්ද තරගාවලියට ඇතුළත් වේ. ශ්‍රී  ලංකා ජල ක්‍රීඩා සංගමය හා කොළඹ  රාජකීය විදුහල් ජල ක්‍රීඩා සමාජයේ අධික්ෂණයෙන්  තරගාවලිය සංවිධානය කෙරේ.

 

තරගාවලියේ සමස්ත  ශූරතාව වෙනුවෙන් පිරිනැමෙන කුසලාන ජාතික තරුණ සේවා සභාවේ සභාපති  පසිදු  ගුණරත්න  මහතා විසින් තරග සංවිධායකයන්ට ප්‍රදානය කරනු ලැබූ අයුරු. තරග කමිටුවේ සම සභාපතිවරුන් වන බිනූජ අමරනායක, උල්පාත් උවයිස්, 2048 යොවුන් දැක්ම වැඩ සටහනේ සභාපති  සෙනුල ඩෙක්ලානා යන මහත්වරුද මෙහි වෙති.


අදහස් (0)

ජනපති කුසලාන වෝටර් පෝලෝ තරගාවලිය අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.