ජනාධිපති රන් කුසලාන අවසන් තරග 18 දා
ජනාධිපති රන් කුසලාන ‘ඩයලොග්’ වොලිබෝල් තරගාවලියේ අවසන් තරග මෙම දෙසැම්බර් 18 දා පෙ.ව 8.30 සිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. වොලිබෝල් කණ්ඩායම් 4000 කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලියේ මූලික වටයේ තරග දිස්ත්‍රික් මට්ටමින් පැවති අතර විවෘත පිරිමි - කාන්තා සහ වයස අවු 22න් පහළ (ආධුනික) පිරිමි සහ කාන්තා වශයෙන් තරගාවලිය පැවැත්විණ.
ගතවූ සති අන්තයේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී මෙම තරගාවලියේ ජාතික මට්ටමේ (දිස්ත්‍රික් මට්ටමින් සුදුසුකම් ලැබූ කණ්ඩායම් අතර) තරගාවලිය පැවති අතර ඒ සඳහා කණ්ඩායම් 100ක් සහභාගී වූහ.
විවෘත පිරිමි අවසන් තරගය සඳහා නාත්තණ්ඩිය යුනයිටඞ් ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජ කණ්ඩායම සුදුසුකම් ලබාසිටී. එම කාන්තා අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජ සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයයි.
මෙම තරගාවලියට සමගාමීව පැවති ආධුනික (වයස අවු 22න් පහළ) තරගාවලියේ පිරිමි අංශයෙන් හුංගම විජයබා ක්‍රීඩා සමාජය සහ හලාවත ඒකාබද්ධ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලැබූ අතර කාන්තා අවසන් තරගය සඳහා කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජයත් ගලිගමුව සිරි පැරකුම් ක්‍රීඩා සමාජයත් සුදුසුකම් ලබා සිටිති.
විවෘත පිරිමි සහ කාන්තා අංශයේ ජයග්‍රාහක කණ්ඩායම් සඳහා මුදලින් රු. 150,000 බැඟින් ද, අනුශූරයන්ට රු. 100,000 බැඟින්ද 3 වැනි ස්ථාන සඳහා රු. 50,000 බැඟින්ද පිරිනැමෙනු ඇත.
මුදලින් රු. 100,000 බැඟින් ආධුනික අංශයේ පිරිමි හා කාන්තා ජයග්‍රාහක කණ්ඩායම් දෙකට පිරිනැමෙන අතර අනුශූර කණ්ඩායම් දෙකට රු. 75,000 බැඟින් සහ තුන් වැනි ස්ථාන සඳහා රු.50,000 බැඟින්ද පිරිනැමීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විධි විධාන යොදා ඇත.
තරගාවලියේ අවසන් තරග සහ ජය සංකේත ප්‍රදානය පෙ.ව මෙම 18 දා ප.ව 4.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
අවසන් තරග සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම්
■ වයස අවු 22න් පහළ කාන්තා අවසන් තරගය
කුරුණෑගල කැෂුවලයින් ක්‍රී.ස සහ ගලිගමුව සිරි පැරකුම් ක්‍රී.ස අතර තරග පෙ.ව 8.30ට
■ වයස අවු 22න් පහළ පිරිමි අවසන් තරගය
හුංගම විජයබා ක්‍රී.ස සහ හලාවත ඒකාබද්ධ ක්‍රී.ස අතර තරගය පෙ.ව 10.30ට
■ විවෘත කාන්තා අවසන් තරගය
සියඹලාගොඩ කපිල ක්‍රී.ස සහ කොස්වාඩිය විජය ක්‍රී.ස අතර තරග ප.ව 1.00ට
■ විවෘත පිරිමි අවසන් තරගය
නාත්තණ්ඩිය යුනයිටඞ් ක්‍රී.ස සහ කටාන ඒකාබද්ධ ක්‍රී.ස අතර තරගය ප.ව 3.00ට
22 න් පහළ පිරිමි විජයබා ක්‍රී. ස - හුංගම
|
22 න් පහළ පිරිමි හලාවත ඒකාබද්ධ ක්‍රී. ස - හලාවත
|
22න් පහළ කාන්තා කැෂුවලයින් ක්‍රී.ස - කුරුණෑගල
|
22න් පහළ කාන්තා සිරි පැරකුම් ක්‍රී.ස - ගලිගමුව
|
විවෘත පිරිමි ඒකාබද්ධ ක්‍රී.ස - කටාන
|
විවෘත පිරිමි යුනයිටඞ් ක්‍රී.ස - නාත්තණ්ඩිය
|
විවෘත කාන්තා කපිල ක්‍රී.ස - සියඹලාගොඩ
|
විවෘත කාන්තා විජය ක්‍රී.ස - කොස්වාඩිය
|