Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ ජනාධිපති ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවය අප්‍රියෙල් මාසය නිමවීමට පෙර පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා නව විනිශ්චය මණ්ඩලයට උපදෙස් දී තිබේ.
ඒ සඳහා මේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙන් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය දැනටමත් කටයුතු කර තිබේ.
2019 සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය 2020 අප්‍රේල් 6 වැනිදා කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට මුලින් කටයුතු යොදා තිබුණත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එය දිගින් දිගටම කල් දැමීමට සිදුවිය. එහිදී සම්මාන සඳහා අයදුම් කරන්නන්ගෙන් 2020 පෙබරවාරි 24 වැනිදා දක්වා අයදුම්පත් බාර ගැනිණ.
ඒ අතර වසර 2021 දී මෙම සම්මාන උළෙල පැවැත්වීම සඳහා එහි සම්බන්ධීකරණ කටයුතු බාරව වසර කීපයක්ම කටයුතු කළ ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපතිවරයකු වන සමන් අමරසිංහ මහතා කැඳවනු ලැබීය. ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් තිබියදී, අමරසිංහ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් සම්මාන ප්‍රදානය නැවත වරක් දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවිය.
ලබන අප්‍රේල් මාසයේ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන විට සමන් අමරසිංහ මහතාගේ සේවය අගයමින් ඔහුට එහිදී විශේෂ උපහාර දැක්වීමක් සිදුකිරීමට තීරණය කර තිබේ.
සම්මාන උළෙලේ සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවීම සඳහා පත්කළ නව කමිටුවේ සභාපතිවරයා ලෙස නලින් ආටිගල මහතා කටයුතු කරයි. එහි සභිකයන් ගණන 21 කි.
අප්‍රේල් මාසයේදී පැවැත්වෙන මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. විශේෂ ආරාධිතයා ලෙස ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂා මහතා එම අවස්ථාවට සහභාගී වේ.
නිර්දේශිත සම්මානලාභීන්ගේ නාමාවලිය මේ වනවිටත් සකස් කර අවසන්ව තිබේ. සම්මාන උත්සවය ගැන අවසන් තීන්දු ගැනෙන සම්මාන විනිශ්චය කමිටුවේ හමුවක් ලබන සිකුරාදා (18) කැඳවා තිබේ.
අප්‍රේල් මාසයේදී පැවැත්වෙන 2019 වසරට නියමිත සම්මාන උළෙල එය ආරම්භවීමෙන් පසුව පැවැත්වෙන සිව්වැනි ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලයි.
සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය
නලින් ආටිගල (සභාපති), ජනරාල් දයා රත්නායක, සුසන්තිකා ජයසිංහ, සමන්කුමාර ගුණවර්ධන, මහාචාර්ය අර්ජුන ද සිල්වා, ග්‍රෙගරි ද සිල්වා, ඔලිවියා ගමගේ, කේ.ජී. බණ්ඩාර, ඩිල්රෝයි ප්‍රනාන්දු, ආර්.ඒ. කුලරත්න, ජූලියන් බෝලින්, මහාචාර්ය සමන්ත හේරත්, මහාචාර්ය එස්.ජේ. යෝගරාජා, දයා වීරසිංහ, ජේ.ඒච්. විල්සන්, තලවොව් අලයිලීමා, මහාචාර්ය රංජිත් ද සිල්වා, උපාලි අමරතුංග, උදිත ගුණසේකර, අනුර තෙන්නකෝන් හා භද්‍රා ගුණවර්ධන යන මහත්ම මහත්මීන්හු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.