Last Update  :  2025-04-07 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනාධිපති රන් කුසලාන කල්යයි

ජනාධිපති රන් කුසලාන කල්යයි

editorial - 2020 මාර් මස 17 216 Views 0 Comment
A A A

මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී ලබන සෙනසුරාදා (21 වැනිදා) පැවැත්වීමට සූදානම් කර තිබූ ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතා තරග මාලාවේ අවසන් මහ තරග කල්දමා තිබේ. කොරෝනා වයිරසය පැතිරීම සම්බන්ධයෙන් රටතු උද්ගතව පවතින තත්ත්වය හමුවේ මෙම තරග කල් දැමීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ.

සුපිරි ලීග හා ආධුනික කාන්තා පිරිමි අවසන් මහ තරග හතරක් එහිදී පැවැත්වීමට නියමිතව තිබිණ.

සුපිරි ලීග් (පිරිමි) අවසන් මහ තරග සඳහා ගම්පහ සියනෑ තරු කණ්ඩායම එක් පසෙකින් සුදුසුකම් ලබා සිටියි. අනෙක් පස කණ්ඩායම මෙතෙක් තහවුරු වී නැත්තේ අවසන් පූර්ව වටයේ මාදම්පේ ‘වී සික්ස්’ කණ්ඩායම හා රුවන්වැල්ල ‘රන්තරු’ කණ්ඩායම අතර පැවති තරගයට ගොනුකළ විරෝධතාවයක් හේතුවෙනි.

අවසන් පූර්ව තරගය ජයගත් රුවන්වැල්ල ‘රන්තරු’ කණ්ඩායමට එරෙහිව ප්‍රතිවාදී ‘වී සික්ස්’ කණ්ඩායම ගොනුකළ විරෝධතාවක් ඇතත් එම විරෝධතාව මෙතෙක් විභාග කර නැත.

 


අදහස් (0)

ජනාධිපති රන් කුසලාන කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.