Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජයග්‍රහණය ශ්‍රී ලංකාවාසීන්ටයි

ජයග්‍රහණය ශ්‍රී ලංකාවාසීන්ටයි

editorial - 2022 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 10 කින් පරාජය කරමින් මිර්පූර් නුවරදී අද (27 වැනිදා) ලබාගත් ජයග්‍රහණය ශ්‍රී ලංකාවාසීන්ට පිරිනමන බව නායක දිමුත් කරුණාරත්න කියයි.

“මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන් කැප කරන්න මම කැමතියි. ඔවුන් මේ අවස්ථාවේ බොහෝ අසීරුතාවන්ට මුහුණ දී සිටිනවා. මේ අසීරු කාලසීමාවේදී, මෙම ජයග්‍රහණයවත් ඔවුන්ගේ සිතට සතුටක් ගෙනේවි” යයි දිමුත් කරුණාරත්න තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී පැවැසීය.  

“ඒ ගොල්ලන්ව සම්පූර්ණයෙන්ම දවාගන්න නම් අපට උදෙන්ම කඩුලු 2 ක් විතර ගන්න ඕනකම තිබුණා. අපේ වේග පන්දු යවන්නන් ඒ කාර්යය හරියටම කළා. සාමාන්‍යයයෙන් අපි මෙහේට (බංග්ලාදේශයට) බලාපොරොත්තු වෙන්නේ දඟ පන්දු යවන්නන්ගෙන් කඩුලු දවාගැනීමටයි. ඒත් මේ තරගයේදී අපට උපකාර කළේ වේග පන්දු යවන්නන්” යයිද දිමුත් කරුණාරත්න පැවසීය.

- 213


අදහස් (1)

ජයග්‍රහණය ශ්‍රී ලංකාවාසීන්ටයි
  • Ajantha Friday, 27 May 2022 08:35 PM

    ස්තුතියි, දිමුත්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.