Last Update  :  2024-12-25 15:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජස්වර් පාපන්දු සම්මේලනය ඇහැරවයි

ජස්වර් පාපන්දු සම්මේලනය ඇහැරවයි

editorial - 2024 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර තුනකට ආසන්න කාලයක් පුරා අත්හිටුවා තිබූ දේශීය  ප්‍රධානතම  පාපන්දු තරග මාලා එළඹෙන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවසයි.එහි පළමු වැන්න ශූරයන්ගේ පාපන්දු තරගාවලිය ජනවාරී මාසයේදී ආරම්භ කිරීමයි.

මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ කණ්ඩායම් 14 ක් තරගාවලියට සහභාගි වේ.මෙම තරගාවලිය අවසන් වරට 2022 වසරේදී පවත්වා තිබේ. එහිදී ශූරතා කුසලාන දිනා ගත්තේ මාතර සිටි කණ්ඩායමයි.

වාර්ෂික තරගාවලියක් ලෙස වසර 2021දී ආරම්භ කළ ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය එයින් පසුව නැවැත පැවැත්වෙන්නේ ලබන වසරේ මාර්තු  මාසයේදීය. ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා සමග පැවැති සාකච්ඡාවකදී එම ක්‍රීඩා සමාජ එකමුතුව යෝජනා කර ඇති පරිදි තරගාවලිය 2025 මාර්තු මාසයේදී ආරම්භ කෙරේ.

අවසන් වරට පැවැති 2021 තරගාවලියේදී ශූරතාව දිනා ඇත්තේ කළුතර බ්ලූස්ටාර්ස් ක්‍රීඩා සමාජයයි.

ශ්‍රී ලංකා පාපන්දු  ආයතනයේ දිගින් දිගටම උද්ගත වූ  පරිපාලන ආරවුල් තත්වයන් හැරෙන්නට අධිකරණ නියෝග, කොවිඩ් වසංගතය,පාස්කු ප්‍රහාරය, අනුග්‍රාහකයන් හැරයාම ආදී සිදුවීම් හේතුවෙන්ද එහි වාර්ෂික පාපන්දු තරග සැලැස්ම වසර 2020 සිට ක්‍රියාත්මක නොවුණි.

කෙසේවූවත් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවැසුවේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ 2025 තරග සැලැස්මට අනුව වයස 19 න් පහළ යොවුන් තරගාවලිය, යොවුන් ලීග් (පිරිමි) තරගාවලිය හා කාන්තා ලීග් තරගාවලිය හැරෙන්නට පාසල් (කනිෂ්ඨ) තරග මාලා කීපයක්ද පැවැත්වීමට දැනටමත් සැලසුම් කර අවසන් බවයි.

පාපන්දු විනිසුරුවන් හා පාපන්දු පුහුණුකරුවන් සදහාද නව වසරේදී ප්‍රධානතම පුහුණු වැඩසටහන් හදුන්වා දෙන බවත් ජස්වර් මහතා පවසයි.


අදහස් (0)

ජස්වර් පාපන්දු සම්මේලනය ඇහැරවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.