Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියට එතෙරින් එති

ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියට එතෙරින් එති

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී හෙට (16 වැනිදා) ආරම්භ වන 91 වැනි ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය සඳහා විදෙස් කී‍්‍රඩකයන්ටත් ආරාධනා කර තිබේ. මෙවර ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය සඳහා මාලදිවයිනෙන් සහ නයිජීරියාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 10 දෙනෙක් සහභාගි වන බව ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ ප‍්‍රකාශකයෙන් පැවසීය.

ජාතික ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය රටවල් පහකට ආරාධනා කළ අතර තායිලන්තය හා ඉන්දුනීසියාව තරගාවලියට සහභාගි නොවන බව කලින්ම දැනුම් දී තිබිණ. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 14 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම තරගාවලියට එක් කිරීමට සූදානමින් සිටි මලයාසියාව අවසන් මොහොතේදී තරගාවලියට සහභාගි නොවීමට තීරණය කළේය.

කෙසේ වෙතත් මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අන්තර්ජාතික මලල කී‍්‍රඩා පිටියේ එතරම් ඉදිරියෙන් සිටින කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් නොවන බවත් රට රටවල් අතර සුහදතාව පවත්වාගෙන යාම සඳහා එවන් ආරාධනා ශී‍්‍ර ලංකාවටත් ලැබෙන බවත් මලල කී‍්‍රඩා සංගමයේ ප‍්‍රකාශකයෙන් පැවසීය.

තරගාවලිය සඳුදා (16) සිට බදාදා (18) දක්වා පැවැත්වේ.

 


අදහස් (0)

ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියට එතෙරින් එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.