Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය මේ මස 22 වැනිදා සිට 27 වැනිදා දක්වා අනුරාධපුර නගරසභා ගෘහස්ත බැඩ්මින්ටන් කී‍්‍රඩාංගණයේදී සහ අනුරාධපුරයේම පිහිටි මයික් කුක් ගෘහස්ත බැඞ්මින්ටන් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලියේදී බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ වයස් කාණ්ඩ සඳහා කේවල තරග පමණක් පැවැත්වෙන අතර 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා කේවල සහ යුගළ තරග පැවැත්වේ.
මෙහිදී විවෘත කාණ්ඩය සඳහා ප්‍රධාන අංශ 5 (පිරිමි කේවල, පිරිමි යුගළ, කාන්තා කේවල, කාන්තා යුගල, මිශ්‍ර යුගල) යටතේම තරග පැවැත්වෙන අතර අවුරුදු 35 ට වැඩි, 40 ට වැඩි, 50 ට වැඩි සහ 55 ට වැඩි ප්‍රවීනයන් සඳහාද කේවල සහ යුගළ තරග පැවැත්වේ.
මේ වසරේදී ජාතික තරගාවලිය සඳහා ප්‍රාදේශීය, කී‍්‍රඩා සමාජ සහ පාසල් ලෙස අලූතින් ශූරතා 3 ක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය කටයුතු කර තිබේ.
ඒ අනුව එක් එක් තරගකරුවන් ලබාගන්නා ලකුණු ඔවුන් නියෝජනය කරන ප්‍රදේශයට හෝ කී‍්‍රඩා සමාජයට හෝ පාසලට හිමිවන අතර ඒ ආකාරයෙන් වැඩිම ලකුණු ලබාගන්නා ප්‍රදේශය, කී‍්‍රඩා සමාජය සහ පාසල වෙනුවෙන් ශූරතා පිරිනැමෙනු ඇත.
තරගාවලියේ සමාරම්භක උත්සවයේ ආරාධිතයන් ලෙස උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න සහ අනුරාධපුර නගරාධිපති එච්. කේ. සෝමදාස යන මහත්වරු සහභාගී වීමට නියමිතය. තරගාවලියේ ත්‍යාග ප්රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි වීමට නියමිතය.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ බෙදාදීමට නියමිත මුළු මුදල රුපියල් ලක්ෂ 10 ක් වන බවත්, ඉන් ජාතික ශූරයාට සහ ශූරියට හිමිවන ත්‍යාග මුදල දල වශයෙන් රුපියල් 120,000 ක් පමණ (එක් අයෙකුට 60,000 බැගින්) වනු ඇති බවත් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙණිය මහතා පැවසීය.
මෙවර තරගාවලියට සහභාගී වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අතරේ ජාතික ශූරතාව 14 වරක් ජයගෙන සිටින නිලූක කරුණාරත්න පිරිමි අංශයෙන්ද, ජාතික ශූරතාව 11 වරක් ජයගෙන සිටින චන්ද්‍රිකා ද සිල්වා කාන්තා අංශයෙන්ද පෙරමුණේ පසුවෙති.
2010 වසරේ ජාතික ශූරයා බවට පත් වූ නිලූකගේ සොහොයුරු දිනූක කරුණාරත්න සහ ඉකුත් වසරේ (2014) ජාතික ශූරිය බවට පත් වූ තිළිණි හෙන්ඳහේවා මෙවර තරගාවලියේදී නිලූකගේ සහ චන්ද්‍රිකාගේ ප්‍රබලම ප්‍රතිවාදීන් ලෙස හැදින්විය හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.