Last Update  :  2025-04-18 17:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික වෙරළ වොලිබෝල් කණ්ඩායම් තේරීම 16-17

ජාතික වෙරළ වොලිබෝල් කණ්ඩායම් තේරීම 16-17

රොෂාන් ගුණරත්න - 2016 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය ඉලක්ක කරගෙන ජාතික වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි සංචිත තේරීම් මෙම 16, 17 යන දෙදින හෙයියන්තුඩුව තරුණ සේවා කී‍්‍රඩා මධ්‍යස්ථාන කෘතිම වෙරළ වොලිබෝල් පිටියේදී පැවැත් වේ.

 

රටවල් 14 ක සහභාගීත්වයෙන් ලබන අපේ‍්‍රල් මාසයේදී තරගාවලිය තායිලන්තයේදී පැවැත්වී. එහිදී ජාතික කාන්තා හා පිරිමි මූලික සංචිත සඳහා කී‍්‍රඩකයන් හා කී‍්‍රඩිකාවන් 16 දෙනෙකු බැගින් තෝරා ගැනේ.

 

සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අටදෙනෙකු බැගින් නම් කෙරෙන බව ශ්‍රී ලංකා වොලබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවසීය.

 

කාන්තා සංචිතයේ තේරීම් මෙම 16 වැනිදාත්, පිරිමි සංචිතයේ තේරීම් මෙම 17 වැනිදාත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


-090

 


අදහස් (0)

ජාතික වෙරළ වොලිබෝල් කණ්ඩායම් තේරීම 16-17

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.