Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා මැයි 12 දා සිට

ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා මැයි 12 දා සිට

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය ලබන මැයි මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙහිදී 16 න් පහළ, 18 න් පහළ, 20 න් පහළ සහ 23 න් පහළ යන වයස් කාණ්ඩ හතරකින් පිරිමි සහ කාන්තා අංශ දෙකින්ම තරග පැවැත්වීමට නියමිතය. ඉදිරියේදී පැවැත්වෙන අන්තර්ජාතික මලල ක‍්‍රීඩා තරගාවලි දෙකක් සදහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීම මෙම තරගාවලියෙන් සිදු කරන බව ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ ලේකම් සුනිමල් රූපසිංහ මහතා පැවසීය.

ජුනි මස 3 වැනිදා සිට 6 වැනිදා දක්වා වියට්නාමයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියට සහ ජුලි මස 19 වැනිදා සිට 24 වැනිදා දක්වා පෝලන්තයේ පැවැත්වෙන වයස 20 න් පහළ ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙම තරගාවලියෙන් තෝරා ගැනේ.

තරගාවලියේ දස්කම් දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන් කනිෂ්ඨ සහ යොවුන් මලල ක‍්‍රීඩා සංචිත දෙකකට ඇතුළත් කිරීමට ද ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය කටයුතු යොදා තිබේ.

 


අදහස් (0)

ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා මැයි 12 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.