Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික පාපැදි ශූරතාවලිය අගෝස්තු 17 - 19 යන දිනවල අනුරාධපුරය නගරයේදී පැවැත්වේ. මෙවර ජාතික පාපැදි ශූරතාවලිය සඳහා ප‍්‍රවීණයන් සහභාගි වන ඉසව් දෙකක්ද ඇතුළත් කර තිබේ.
ශී‍්‍ර ලංකාවේ පාපැදි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේදී ඉහළම ලකුණු ලබාදෙන ජාතික පාපැදි තරගාවලියේ කාලය මැනීමේ හා මාර්ග ධාවන ඉසව් 10ක් අන්තර්ගත වන බව අනුරාධපුර දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ ලේකම් උපුල් චන්දන මහතා ‘ලංකාදීප’යට පැවසීය.
මෙවර තරගාවලියට අනුග‍්‍රහය ලබාදෙන ලෙස තරග සංවිධායකයන් කළ ඉල්ලීමක් ක‍්‍රීඩා අමාත්‍යාංශය ප‍්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වුවත් තරගාවලිය සංවිධානය කරන අනුරාධපුර දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ ඉල්ලීමක් පරිදි ඒ සඳහා උතුරුමැද පළාත් සභාවෙන් සයෝගය දැක්වීමට මහ ඇමැති එස්.එම්. රංජිත් මහතා පොරොන්දු වූ බවද උපුල් චන්දන මහතා පැවසීය.
සුපිරි (කාන්තා/පිරිමි), වයස 23න් පහළ (පිරිමි), කනිෂ්ඨ (කාන්තා/පිරිමි) යන ඉසව් මෙවර ජාතික පාපැදි තරගාවලියට ඇතුළත් කෙරේ.
අගෝස්තු 17 වැනිදා කාලය මැනීමේ තරගයද, අගෝස්තු 18 වැනිදා මාර්ග ධාවන තරග ද පැවැත්වෙයි. සුපිරි පිරිමි පාපැදි තරගයේ දුර කිලෝමීටර් 110කි. එහි කාන්තා තරගයේ දුර කිලෝමීටර් 60 කි.
වයස 23න් පහළ පිරිමි තරගයේ දුර කිලෝමීටර් 90කි. මේ අතර වයස 45ත් 55ත් අතර සහ වයස 55න් ඉහළ ප‍්‍රවීණයන්ගේ තරග ඉසව් දෙකක්ද මෙවර තරගාවලියට ඇතුළත් වෙයි.
මෙම තරගාවලිය පසුගිය ජූනි මස 20 - 21 යන දිනවල පැවැත්වීමට සූදානම්කර තිබුණද එය කල් දමනු ලැබිණ. උතුරු මැද පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත් හා අනුරාධපුර නගරාධිපති එම්.පී. සෝමදාස යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් තරගාවලිය පැවැත්වේ.
ප‍්‍රවීණයන්ගේ ඉසව් සඳහා සහභාගි වන තරගකරුවන් වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවත්, ඊට අමතරව තරග ආරම්භයට පෙර තරග සංවිධායකයන් විසින් ඔවුන්ව තවත් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව පමණක් තරග වැදීමට අනුමැතිය ලැබෙන බව සංවිධායකයෝ පවසති.
තරගාවලිය පිළිබඳව වැඩි විස්තර දුරකතන අංක 071 8391574 ඔස්සේ උපුල් චන්දන මහතාගෙන් හෝ දුරකතන අංක 071 4195570 ඔස්සේ අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතාගෙන් ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.