Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
සුපර් නයිට් චෙස් ක්‍රීඩා සමාජය 3 වැනි වරටත් සංවිධානය කරනු ලබන සුපර් නයිට් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය පෙබරවාරි මස 26 සිට මාර්තු 3 දක්වා හෝමාගම, තලගල අවින්ක ලක්සිරි උත්සව ශාලාවේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මේ තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුලුව රටවල් රැසකම චෙස් ක්‍රීඩක,ක්‍රීඩිකාවන් 500 ක් පමණ සහභාගිවීමට නියමිත බව තරග සංවිධායකයෝ කියති. තරගාවලිය තරග වට දහයකි. මේ තරග වට දහයෙන් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙළ මත තරගාවලියේ විවෘත පිරිමි සහ කාන්තා තරගාවලිය ඇතුලුව ඒ ඒ අංශවල ජයග්‍රාහක,ජයග්‍රාහිකාවන් තෝරා ගනු ලබති.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙනුවෙන් රන්, රිදී හා ලෝකඩ පදක්කම්වලට අමතරව මුදල් ත්‍යාගද පිරිනැමේ. පිරිනැමෙන මුදල් ත්‍යාගවල වටිනාකම රුපියල් ලක්ෂ දාහතකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.