Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාත්‍යන්තර දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උසස්වීම් ලබති

ජාත්‍යන්තර දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උසස්වීම් ලබති

editorial - 2022 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පසුගිය කාලවකවානුව තුළ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්වීම් සහ මූල්‍ය ප්‍රදානයන් ලබාදීම යුද හමුදාපති ලුතිනන් ජනරල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා යුධ හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණ.

එහිදී ආසියානු ක්‍රිකට් ශූරතාව දිනූ කණ්ඩායමේ සාමාජික මහීෂ් තීක්ෂණ, ආසියානු දැල් පන්දු ශූරතාව දිනූ කණ්ඩායමේ සාමාජිකාවන් වන භාෂිනී ද සිල්වා, තිශලා අල්ගම සහ ඉදූෂා ජනනි මෙන්ම ආසියානු කායවර්ධන ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගත් ඩී.පී. රාජපක්‍ෂද උසස්වීම් සහ මුල්‍ය ප්‍රදානයන් ලැබූහ.

සාමාන්‍ය සෙබළ මහීෂ් තීක්‍ෂණ සැරයන් නිලයටත්, සාමාන්‍ය සෙබළ ටී.ටී අල්ගම කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළ භාෂිනී ද සිල්වා කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළ ඉදූෂා ජනනි කෝප්‍රල් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් ඩී.පී. රාජපක්‍ෂ කෝප්‍රල් නිලයටත් උසස් කිරීමට එහිදී යුද හමුදාපතිවරයා පියවර ගත්තේය.

ඊට අමතරව මහීෂ්ට සහ ‍දැල්පන්දු ක්‍රීඩිකාවන් ‍තිදෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් වූ මූල්‍ය ත්‍යාගද කායවර්ධන ක්‍රීඩක ඩී.පී. රාජපක්‍ෂට රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ත්‍යාගයක්ද එහිදී යුද හමුදාපතිවරයා අතින් ප්‍රදානය කෙරිණ.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති (මුලතිව්) මේජර් ජනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් (මූල්‍ය කළමනාකරණ) මේජර් ජනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර සහ යුධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්.එන්.එච්. බණ්ඩාරනායක යන මහත්වරුද සහභාගි වූහ.

ඡායාරූපය - යුද හමුදා වෙබ් අඩවිය අනුග්‍රහ‍යෙනි


අදහස් (0)

ජාත්‍යන්තර දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උසස්වීම් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.