Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ධුරයට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යළිත් පත්ව සිටියි. කමිටුව සඳහා පත් කළ නව සාමාජික මණ්ඩලය සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (4) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ජාතික තේරීම් කමිටුවේ නව පත්වීම් බලගැන්වීමේ දී ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකු වන හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ද ඊට ඇතුළත්ව සිටියි.
ඊට ඇතුළත්ව සිටින නව සාමාජිකාවක් වන්නේ හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මෙනෙවියයි.
අර්ජුන් ප්‍රනාන්දු මහතා තවදුරටත් එහි ලේකම් ධුරය දරන අතර, ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු වන ප්‍රසන්න චන්දිත්, ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා, වෛද්‍ය මයියා ගුණසේකර යන මහත්වරුන් ජාතික තේරීම් කමිටුව සඳහා පත්ව සිටින සෙසු නිලධාරියෝ වෙති.
මේ අතර ඊයේ පැවැති පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයේ දී ක්‍රීඩා ඇමැතිවරයා පැවැසුවේ ජාතික ක්‍රීඩා සංගම්වලට අයත් ජාතික තේරීම් කමිටුවකින් තේරීම් අවස්ථාවලදී යම් අසාධාරණයක් සිදුව තිබෙන බවට ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට හැඟෙන්නේ නම් සිදුවීමෙන් දින 7කට පෙර ඒ සම්බන්ධයෙන් ජාතික තේරීම් කමිටුවට හෝ ක්‍රීඩා ඇමැතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව මෙතැන් සිට හිමිවන බවයි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.