Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික ක්‍රීඩා සංගම් 16ක නිලවරණයක් ඉල්ලයි

ජාතික ක්‍රීඩා සංගම් 16ක නිලවරණයක් ඉල්ලයි

editorial - 2024 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ )

සභාපතිවරයා හා මහ ලේකම්වරයාගේ විරසකයෙන් විධායක සභාව දෙකඩවී ඇති තත්වයක් තුළ වහාම නිලවරණයක් පැවැත්වීම සදහා විශේෂ මහ සභා රැස්වීමක් කැදවන ලෙස ඉල්ලා ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික සංගම් 16 ක් හා එහි ක්‍රීඩකයන්ගේ කමිටුව ඊයේ (11) එහි මහ ලේකම්වරයාට ලිපියක් බාර දුන්නේය.

ජාතික ඔලිම්පික් කමිටුවේ ඉහළම ප්‍රධානීන් දෙදෙනාගේ දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ හට ගෙන තිබෙන විරසකය හමුවේ එහි උන්නතියට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවත් මෙම තත්වය උත්සන්න වෙමින් තිබෙන තත්වයක් තුළ එය  මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම රටේ ක්‍රීඩාවේ පැවැත්මටද බරපතල ලෙස හානි ගෙනදෙමින් තිබෙන බවත් මෙම ලිපිය ඉදිරිපත් කරන ජාතික ක්‍රීඩා සංගම් සමූහය කියයි.

එය අවසන් කිරීම සදහා විසදුමක් ලෙස විශේෂ මහ සහා රැස්වීමක් කැදවා නිලවරණයක් හැකි ඉක්මණින් කැදවන ලෙස ලිපියෙන් ඔවුහු ඉල්ලා සිටිති.

එහිදී ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ ජාත්‍යන්තර ඔලිම්පික්  කමිටුවේ රෙගුලාසිවලට අනුකූලවත් මෙරට ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාවට අනුකූලවත් ගිම්හාන ඔලිම්පික් උළෙල යෙදෙන වසරේදී (සිව් වසරකට වරක්) ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීම සම්ප්‍රදාය බවයි.

කේසේවූවත්  2020 ටොකියෝ ඔලිම්පික් උළෙල කොවිඩ් වසංගතය යෙදීමෙන් 2021 වසරට පැවැත්වීම මෙම සම්ප්‍රදාය කඩ කිරීමට හේතුවක් නොකර ගතයුතු බව ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයාට ඊයේ යොමු කළ ලිපියෙන් ජාතික ක්‍රීඩා සංගම් බලධාරීන් පෙන්වාදී තිබේ.

මේ අතර ඊයේ ජාතික ක්‍රීඩා සංගම් යොමු කළ ලිපියත් සමග ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා අතර පවතින බව කියන මෙම විරසකය වඩාත් උත්සන්න මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අතර මීට පෙර අදහස් දක්වා තිබූ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ්  සුබ්‍රමනියම් මහතා වසර 2021 දෙසැම්බර් මාසයේදී අවසන් වරට පැවැත්වූ එහි නිලවරණයෙන් පත්වූ විධායක සභාවේ සිවු වසරක නිල කාලය සම්පූර්ණ වීමෙන් පසුව පමණක් මීළග නිලවරණය කැදවිය යුතු බවට අඅවධාරණය කරයි.

සිය අනුදැනුමෙන් තොරව මෙරට ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභා රැස්වීමක් කැදවීමට දරන උත්සාහයක් පිළිබදව ඔහු මේ වන විට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව දැනුවත් කර ඇත.

 

විශේෂ මහ සභා රැස්වීමක් කැදවන ලෙස ඉල්ලා ලිපියට අත්සන් තැබූ ජාතික ක්‍රීඩා සංගම්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය, ශ්‍රී ලංකා පාපන්දු ආයතනය , ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය, ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ සංගමය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ සංගමය, ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය, ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය, ශ්‍රී ලංකා අශ්වාරෝහක සංගමය, ශ්‍රී ලංකා මල්ලවපොර සංගමය, ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනය, ශ්‍රී ලංකා තුන් ප්‍රයාම සම්මේලනය, ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනය හා ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩකයන්ගේ උප කමිටුව (නිලූක කරුණාරත්න - රෙෂිකා උඩුගම්පොල - නිලවරණයේදී මෙම උප කමිටුවටද ඡන්ද බලය හිමිය)


අදහස් (0)

ජාතික ක්‍රීඩා සංගම් 16ක නිලවරණයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.