Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මෙම වසරේ දී පැවැත්වීමට නියමිත 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව පදක්කම් දිනා ගත හැකි ක්‍රීඩා ඉසව් ආසන්න වශයෙන් හෝ නම් කර එවන ලෙස ජාතික ඔලිම්පික් කමිටුව ජාතික ක්‍රීඩා සංගම් වෙත කළ දැනුම්දීමට මෙතෙක් කිසිදු ජාතික ක්‍රීඩා සංගමයක් ප්‍රතිචාර දක්වා නැතැයි වාර්තාවේ. ඒ වෙනුවට ජාතික ක්‍රීඩා සංගම් නිහඬ පිළිවෙතක තව දුරටත් පසුවන බවත් ජාතික ඔලිම්පික් කමිටුව සිය දැනුම්දීමට ප්‍රතිචාර දැක්වීම සඳහා පසුගිය දෙසැම්බර් 1 වැනිදා දක්වා කල් ලබා දී තිබූ බවත් වාර්තා වේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී පැවැසුවේ මෙම වසරේ දී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් මෙම 31 වැනිදාට පෙර ජාතික පුහුණු සංචිත ස්ථාපිත කළ යුතු බවත්, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම් සහභාගි කරවීමට ජාතික ක්‍රීඩා සංගම් වෙත විධානයක් ලබාදී තිබෙන බවත්ය.
පසුගිය වසර ගණනාවක දී ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සඳහා අති විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි කිරීමට ශ්‍රී ලංකාව උනන්දුවී තිබෙන නමුත් පදක්කම් දිනා ගැනීම පහත වැටීම ගැන මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමක දී සුරේෂ් සුබ්‍රමනියම් මහතා මෙසේ පැවැසීය.
“මෙදා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා ගත හැකි ක්‍රීඩා ඉසව් පිළිබඳව ඔලිම්පික් කමිටුව ජාතික ක්‍රීඩා සංගම් වෙතින් විමසීමක් කළා. නමුත් ඊට තවමත් ප්‍රතිචාර ලබිලා නෑ.“
“ඒ නිසා මැන්චෙස්ටර් නුවර දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය නියාමනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
නමුත් ඒ වෙනුවෙන් තෝරාගනු ලබන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වළක්වන්න අපට බෑ. ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කරන්න අපේක්ෂා කරන සියලුම ජාතික ක්‍රීඩා සංගම් වෙත අපි දැනුම්දීමක් කරලා තිබෙනවා ඒ සඳහා ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අපේක්ෂාවෙන් ජනවාරි 31 වැනිදා වනවිට පුහුණු සංචිත ආරම්භ කිරීම අනිවාර්යයි කියලා.“
“කොහොම උනත් පංගු ක්‍රමය යටතේ අපට ලැබෙන අවස්ථාව තුළ දී වුණත්, මෙදා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය හැකිතාක් අඩු කරන්න දී අපි උනන්දුවී සිටිනවා“ යයිද සුබ්‍රමනියම් මහතා පැවසීය.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලබන ජුලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා ‘මැන්චෙස්ටර් නුවර දී පැවැත්වේ. රටවල් 72ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5054 දෙනකු ක්‍රීඩා 20 කට අයත් තරග ඉසව් 283ක් සඳහා එහිදී සහභාගිවීමට අපේක්ෂිත බව තරග සංවිධායකයෝ ප්‍රකාශ කරති. එහි ප්‍රධාන උත්සව හා මලල ක්‍රීඩා ඉසව් මැංචෙස්ටර් නුවර ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ඒ සඳහා එහි මෙතෙක් පැවැති 12,700 ක් වූ ආසන සංඛ්‍යාව 30,000ක් දක්වා ඉහළ නංවා තිබේ. අවසන් වරට වසර 2018 ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර දී පැවැති 21 වැනි පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් පහක් දිනාගෙන තිබේ. ඒ බොක්සිං සහ බර ඉසිලීමේ ක්‍රීඩා ඉසව්වලිනි.
එහිදී බර ඉසිලීමෙන් කිලෝග්‍රෑම් 69 බර පංතිය (පිරිමි) ඉසව්වෙන් ඉන්දික දිසානායක රිදී පදක්කම දිනා ගත්තේය. ශ්‍රී ලංකාවේ එම ක්‍රීඩා උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය 79කි.
1938 සිඩ්නි ක්‍රීඩා උළෙලේ සිට ශ්‍රී ලංකාව, මෙම ක්‍රීඩා උළෙලට සහභාගිවීම ආරම්භ කිරීමෙන් පසුව එදා මෙදා තුර දිනා ඇති මුළු පදක්කම් ගණන 20කි. ඒ රන් පදක්කම් 4ක් රිදී පදක්කම් හා ලෝකඩ පදක්කම් අටක් බැගිනි. වසර 2006 ‘මෙල්බර්න්’ නුවර දී පැවැති ක්‍රීඩා උළෙලේ දී බර ඉසිලීමේ ක්‍රීඩක චින්තක ගීතාල් විදානගේ ශ්‍රී ලංකාවට අවසන් රන් පදක්කම දිනා දී තිබේ.
මැන්චෙස්ටර් නුවර දී පැවැත්වෙන 22 වැනි පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව සම්ප්‍රදායානුකූලව දල්වනු ලබන ‘රැජිනගේ යෂ්ඨිය’ ක්‍රීඩා උළෙලට සහභාගි වන රටවල් 72ක් කරා රැගෙන යන ගමනේ දී මේ වනවිට එය ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.
ඒ වෙනුවෙන් අනිද්දා (6) දිනය දක්වා ශ්‍රී ලංකාවේ දී නිල පිළිගැනීමේ උත්සව සංවිධානය කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.