Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පෙරේදා (20 වැනිදා) පස්වරුවේ පත්වීම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා එදින රාත්‍රීයේම අයි.පී.එල්. තරගාවලියේ කටයුතු කිරීම සඳහා අබුඩාබි බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. මෙම පිටත්ව යෑමත් සමඟ මහේල ජයවර්ධන මහතා මාස තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවෙන් පිටත රැදී සිටියි.
මහේල ජයවර්ධන මහතා අයි.පී.එල්. තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස මෙවර ද කටයුතු කරයි.
මෙවර අයි.පී.එල්. තරගාවලිය ලබන සැප්තැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් මස 10 වැනිදා දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය.
‘කොවිඞ් 19’ වයිරස් තත්ත්වය හේතුවෙන් වෙනත් සංචාරවලදී මෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි අතර එසේ පැමිණෙන සෑම විටකදීම දින 14 ක කාලයක් නිරෝධානය වීම අනිවාර්ය වී තිබේ. මේ හේතුවෙන් මහේල ජයවර්ධන මහතාට සම්පූර්ණ තරගාවලිය අවසන් වීමෙන් හෝ මුම්බායි ඉන්දියන්ස් පිල තරගාවලියෙන් ඉවත්වන තෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වනු ඇත.
මෙම තරගාවලියට ඉන්දීය ක්‍රීඩකයන් සහ නිලධාරීන් 200 කට වැඩි පිරිසක් සහභාගි වන අතර ඉන්දියාව තුළ මේ වන විට ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 30 කට ආසන්න වී තිබේ.
ක්‍රීඩා සභාවේ සාමාජිකත්වය නිල බලයෙන් හිමිව තිබෙන ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ මහේල පිටත්ව ගිය බවක් තමන් නොදන්නා බවයි.
“ක්‍රීඩා පාලක සභාව සති දෙකකින් පමණ රැස්වීමට තමයි පත්වීම් ලිපි ලැබීමෙන් පසුව එකඟතාවට ආවේ. එහි සාමාජිකයන්ට ක්‍රීඩා පනත ඇතුළු අවශ්‍ය ලියකියවිලි යොමු කිරීමට මේ වන විට කටයුතු කරමින් ඉන්නවා”
“මම හිතන්නෙ මහේල මහතා ඉන්න තැනක සිට සාකච්ඡාවලට සහභාගි වෙයි” යැයි ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැවසීය.
විජේ Saturday, 22 August 2020 06:48 AM
ලොකු සීන් එකක් නෑ නේද, බොහොම සරලයි.
Reply 0 0
SISIRA Sunday, 23 August 2020 03:34 AM
මෙයාව මොකටද පත්කළේ... සල්ලිවලටනේ..
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.