Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන 52 වැනි ජාතික කැරම් ශූරතාවලිය සඳහා අයදුම්පත් බාරගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. මෙම මස 20 වැනිදා පස්වරු 3.00 ට අයදුම්පත් බාර ගැනීම අවසන් වේ.
තරග අනුපිළිවෙළ සකස් කිරීම මෙම මස 22 වැනිදා පෙරවරු 09.00 සිට දෙල්කඳ, ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී සිදු කෙරේ. තරගාවලිය පෙබරවාරි 29 වැනිදා සිට සති අන්ත දිනවල දෙල්කඳ, ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල, මිශ්‍ර යුගල සහ ප්‍රවීණ වශයෙන් ඉසව් හයක් යටතේ මෙම තරගාවලියේදී තරග පැවැත්වෙන අතර කැරම් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කැරම් ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට මෙම ශුරතාවලිය සඳහා සහභාගි විය හැකිය. ප්‍රවීණ ඉසව්ව පමණක් වයස අවුරුදු 40 ඉක්මවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සීමාවේ.
ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සාමාජිකත්වය ලබා ඇති සියලුම ක්‍රීඩා සමාජ වෙත අදාළ අයදුම්පත් මේ වන විටත් තැපැල් කර යවා ඇති අතර සෙසු අයදුම්කරුවන්ට නුගේගොඩ, දෙල්කඳ රත්තනපිටිය පාරේ, අංක 24ඒ දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයෙන් අයදුම්පත් ලබාගත හැකිය.
සියලුම තරග ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ අනුමත නීති රීති වලට අනුකූලව පැවැත්වේ. තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 077 730 9234 අංකය ඔස්සේ ප්‍රධාන ලේකම් දයා විදානගම මහතා හෝ 071 819 3287 අංකය ඔස්සේ තරග ලේකම් අමිතා වික්‍රමසිංහ මහත්මිය ඇමතීමෙන් ලබාගත හැකිය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.