Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පෙරේදා (4) පත්කළ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සාමාජික සංයුතියෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයා ඉවත් කර තිබේ. යුද හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තවදුරටත් සභාපතිධුරය දරන පෙරේදා පත් කළ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ ලේකම් ධුරයේද වෙනසක් සිදු නොවෙමින් අර්ජුන් රාසයියා ප්‍රනාන්දු මහතා එහි තවදුරටත් කටයුතු කරයි.
ක්‍රීඩා ඇමැති ධුරය දරමින් සිටියදී වසර 2022 ඔක්තෝබර් 4 වැනිදා පත්වීම් ලද මීට පෙර ක්‍රියාත්මක වූ ජාතික ක්‍රීඩා තේරිම් කමිටුවේ සාමාජික සංයුතිය හතක් වුවත් ඊයේ එම පත් කිරීම් පනතට සීමාවී තිබේ. ජාතික ක්‍රීඩා සභාවේ අභිනව සභාපති වෛද්‍ය මයියා ගුණසේකර මහතාටද තවදුරටත් ක්‍රීඩා තේරීම් කමිටුවේ අසුනක් හිමිව තිබේ.
ඒ අනුව ඊට ඇතුළත්ව සිටින එකම නවක සාමාජිකයා වන්නේ නලින්ද සම්පත් ඉලන්ගකෝන් මහතාය.
රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමැතිවරයාගෙන් පසුගිය ඔක්තෝබර් 4 වැනිදා ජාතික තේරීම් කමිටුවට පත්වීම ලබාගත් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය, ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා, හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිණී තිලකා ජිනදාස හා ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු වන ප්‍රසන්න චන්දිත් යන මහත්ම මහත්මීන් මෙවර තේරීම් කමිටුවෙන් ඉවත්ව ගිය සාමාජික සාමාජිකාවෝ වෙති.
කෙසේවුවත් ජාතික තේරීම් කමිටුවේ ව්‍යවස්ථාවට අනුව නිලබලයෙන් ඊට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හා මහලේකම් යන ධුර දෙකම පත්වීම් ලැබිය යුතු බව වාර්තා වේ.
ජාතික ක්‍රීඩා සංගම්හි තේරීම් කමිටු මගින් නිර්දේශ කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා ඇමැතිවරයාට අවසන් නිර්දේශ ලබාදෙන්නේ ජාතික තේරීම් කමිටුව විසිනි. එසේම ඒ සම්බන්ධයෙන් පැන නගින ගැටලු හා කාරණාවලදී මැදිහත්වීම් කිරීමේ බලයක් එම කමිටුවට හිමිය.
ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ නව සාමාජික මණ්ඩලය:-
සභාපති:- යුද හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ලේකම් - අර්ජුන් ප්‍රනාන්දු, සාමාජිකයන්:- වෛද්‍ය මයියා ගුණසේකර, සුරේෂ් සුබ්‍රමනියම් හා නලින්ද සම්පත් ඉලන්ගකෝන් යන මහත්වරු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.