Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික පැරලිම්පික් මලල ක්‍රීඩා හෙට - අනිද්දා

ජාතික පැරලිම්පික් මලල ක්‍රීඩා හෙට - අනිද්දා

editorial - 2022 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික පැරලිම්පික් කමිටුව සංවිධානය කරන ජාතික පැරලිම්පික් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය හෙට සහ අනිද්දා (28-29) කොළඹ සුගතදාස පිටියේදි පැවැත්වේ. සමාරම්භක උත්සවය අද පෙරවරු 9 ට පැවැත්වීමට නියමිතය.

විශේෂ අවශ්‍යතා සහිත මෙරට පුද්ගලයන් සඳහා සංවිධානය වන මෙම වාර්ෂික පැරලිම්පික් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 650 දෙනෙකු පමණ සහභාගිවීමට නියමිතය.

ජාතික පැරලිම්පික් කමිටුව අවධාරණය කරන්නේ මෙම තරගාවලියේදි දක්ෂතා දක්වන්නන් ලබන වසරට කල්ගිය (2023) ආසියානු පැරලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සඳහා නිර්දේශ ලබන බවයි. මෙම තරගමාලාවේ ජයසංකේත ප්‍රදානෝත්සවය අනිද්දා පස්වරු 4.15ට පැවැත්වේ. ඩයලොග් ආසියාටා සමාගම හා ‘මාස් හෝල්ඩින්ස්’ ආයතනය තරගාවලියට අනුග්‍රහය දක්වයි.

- 223


අදහස් (0)

ජාතික පැරලිම්පික් මලල ක්‍රීඩා හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.