Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික පුහුණුකරු තනතුරට තිලකා - හයිසින්ත් සටනක

ජාතික පුහුණුකරු තනතුරට තිලකා - හයිසින්ත් සටනක

editorial - 2021 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය සඳහා තිලකා ජිනදාස මෙනවිය හා හයිසින්ත් විජේසිංහ මහත්මිය අයදුම් කර තිබේ. ඔවුන් දෙදෙනාම මීට පෙරත් එම ධුරයේ කටයුතු කළ අය වෙති.

මෙම ධුරයේ  වෙනත් කටයුතු  කළ සොමිනා අල්විස් මහත්මියගේ ධුර කාලය අවසන්ව තිබෙන බැවින් එම ධුරය පිරවීම සඳහා අයදුම්පත් කැඳවීම ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය කටයුතු කළේය.

මේ වනවිට ඒ සඳහා  අයැදුම්පත් කැඳවීම අවසන්ව තිබෙන අතර එතෙක් එම ධුරයේ කටයුතු කළ සොමිනා අල්විස් මහත්මිය ඒ සඳහා මෙවර අයදුම්කර නැත.

නැවත එම ධුරයට අයැදුම්කර තිබෙන තිලකා ජිනදාස මෙනවිය බෲනායි රාජ්‍යයේද දීර්ඝ කාලයක් ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයේ කටයුතු කර තිබේ. ඒ අතර හයිසින්ත් විජේසිංහ මහත්මියද වසර කීපයක් සිංගප්පූරුවේ ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයේ කටයුතු කර තිබේ.

මොවුන් දෙදෙනා  යටතේ ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු කුසලාන මීට පෙර අවස්ථා කීපයකදී ජය ගෙන ඇත. අළුතින් ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයට පත්වන අයට පැවරෙන ප්‍රධාන වගකීම බවට පත්ව ඇත්තේ ලබන වසරේ සිංගප්පුරුවේදී පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමය.

අවසන් වරට 2018 වසරේ සිංගප්පුරුවේදී පැවති ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගත්තේද ශ්‍රී ලංකාව විසිනි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූයේ පුහුණුකාරිනී තිලකා ජිනදාස මෙනවිය විසිනි.


අදහස් (0)

ජාතික පුහුණුකරු තනතුරට තිලකා - හයිසින්ත් සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.