Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වෙනස්කම් රුසක් සහිතව මෙම වසරේ දී ජාතික මහ ක්‍රීඩා උළෙල පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැළසුම් කර තිබේ. වසර 2020 ට නියමිත 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල හා වසර 2021 ට නියමිත 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල කොවිඩ් වසංගත තත්ත්වයන් හමුවේ අත්හැර දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේය.
අවලංගු වූ එම ක්‍රීඩා උළෙල දෙකේම රට හරහා දිවීම, ඇවිදීම, මැරතන්, පාපැදි ඇතුළු ක්‍රීඩා ඉසව් කීපයක් පමණක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයට හැකි විය.
මෙම ක්‍රීඩා උළෙල දෙකම පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් උත්සාහයන් අසාර්ථක වූයේ වසර පුරා සංවිධානය කෙරෙන අදියර තරග මාලා පැවැත්වීමට නොහැකි වීමයි. කෙසේවුවත් 48 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල පැවැත්වීමේ දී කොළඹ සුගතදාස පිටියේ දී සංවිධානය කෙරෙන මලල ක්‍රීඩා තරගාවලිය ඇතුළු ප්‍රධාන උත්සවය පමණක් ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙනු ඇත.
ක්‍රීඩා උළෙලට ඇතුළත් සෙසු සියලු ක්‍රීඩා ඉසව් සංවිධානය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ඒවායෙහි සත්කාරය දැරීම පළාත් ක්‍රීඩා ප්‍රධානීන්ට පැවරේ.
ඒ සඳහා දැනටමත් පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත අවධානය යොමු කර ඇතැයි ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘‘ලංකාදීප’’ය කළ විමසුමක දී පැවසීය. ඒ යටතේ ක්‍රීඩා උළෙලේ තමන් කැමැති ක්‍රීඩා ඉසව්හි සත්කාරය දැරීම සඳහා පළාත් ක්‍රීඩා ප්‍රධානීන්ට ඉල්ලුම් කළ හැකිය. ඒ සඳහා වන මුල්‍ය අනුග්‍රාහය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දරයි.
සිය පළාතට ආවේනික එමෙන්ම පළාතේ වඩාත් ජනප්‍රිය හා ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනා ගැනීම කෙරෙහි වඩාත් විශ්වාසයක් ගොඩ නැගී තිබෙන ක්‍රීඩා ඉසව් සඳහා එහි දී සත්කාරයට ඉල්ලුම් කිරීමේදී පළාත් ක්‍රීඩා ප්‍රධානීන්ට අවධානය යොමු කළ හැකි බවත් අමල් එදිරිසූරිය මහතා පැවසීය.
‘‘තරග සංවිධානය පිළිබඳව වැටහීමක් හා දැනුමක් ලබා ගැනීමටත් මෙම ක්‍රමයෙන් පළාත් ප්‍රධානීන්ට හැකියාවක් ලැබෙනවා’’ යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතරට මෙම වසරට නියමිත 48 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පළමු අදියර වන අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරග ලබන මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා හා පළාත් ක්‍රීඩා අධ්‍යක්‍ෂවරුන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් දා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක දී එකඟවී තිබේ.
ක්‍රීඩා ඉසව් 28 කට අයත් කාන්තා හා පිරිමි තරග මාලා රාජ්‍ය අනුග්‍රාහයෙන් වසරේ පැවැත්වෙන ප්‍රධානතම ක්‍රීඩා උළෙල වන ජාතික මහ ක්‍රීඩා උළෙලෙට අන්තර්ගතය. රන් රිදී හා ලෝකඩ යන පදක්කම් 807 ක් සඳහා මෙම ක්‍රීඩා ඉසව් පැවැත්වේ.
1972 දී මෙම ක්‍රීඩා උළෙල ආරම්භවීමෙන් පසු එක් වසරක් හැරෙන්නට සෙසු සියලු වසරවල දී මෙම ක්‍රීඩා උළෙල වැඩිම රන් පදක්කම් ගණනක් දිනා ගැනීමෙන් ජයගෙන ඇත්තේ බස්නාහර පළාතයි.
ක්‍රීඩා උළෙල ආරම්භ වීමෙන් පසුව 1983 හා 1987 යන වසරවලදීත් එය පැවැත්වීමට නොහැකිවී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.