Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරිගේ)
තුන් පිම්ම (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන මලල ක්‍රීඩක ශ්‍රේෂාන් ධනංජය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති ජාත්‍යන්තර තෙවැනි පෙළ මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වෙමින් සිටියදී පෙරේදා (9 වැනිදා) සිට අතුරුදහන්වී ඇතැයි වාර්තා වේ.
මෙම ශ්‍රී ලංකා ක්‍රීඩකයා දුර පැනීමේ ජාතික ශූරයාද වන අතර ඔහු ස්විට්සර්ලන්තයේදී අතුරුදහන්වීම ගැන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රකාශකයකු ‘ලංකාදීප’යට පැවසුවේ මෙය ඔහු පෞද්ගලිකව සුදානම් කරගෙන පිටත්ව ගිය සංචාරයක් වන බැවින් ඊට සිය ආයතනයේ වගකීමක් නොමැති බවය.
ස්විට්සර්ලන්තයේදී මොහු අතුරුදහන්වන අතර තවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකාවක් හා පුහුණුකරුවකුද මෙම තරග සංචාරයට එක්ව සිටි බව වාර්තා වේ. අතුරුදහන් ක්‍රීඩකයා එළබෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතව සිටි අයෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.