Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික සංගමයකට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

ජාතික සංගමයකට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

editorial - 2022 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පරෙවියන් යොදා ගනිමින්  කෙරෙන ක්‍රීඩා  සඳහා නව ජාතික ක්‍රීඩා සංගමයක් පිහිටුවීමට ඉදිරිපත් කළ අයැදුම්පත්‍රයක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජාතික ක්‍රීඩා සංගම් පිහිටුවීමේ මුඛ්‍ය  පරමාර්ථයක් වන සෞඛ්‍ය සම්පන්න මිනිස් සමාජයක්  බිහිකිරීමේ හා මිනිසාගේ ශාරීරික යෝග්‍යතාව රැකගැනීමේ ක්‍රියාවලිය හා නව ජාතික ක්‍රීඩා සංගමය නොබැඳෙන බැවින් මෙම අයැදුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වුවත් මෙම ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිචාර දක්වමින් අයැදුම්පත්‍රය ඉදිරිපත් කළ පාර්ශ්වය පෙන්වාදී ඇත්තේ පරවියන් යොදා ගනිමින්  කෙරෙන ක්‍රීඩා ඉසව් ප්‍රතික්ෂේප කරන්නේ නම් අශ්වයන් (තුරඟුන්) යොදා ගනිමින් කෙරෙන ක්‍රීඩා ඉසව් පිළිගනිමින් ඒ හා බැඳෙන ජාතික ක්‍රීඩා සංගම් පිහිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදී  තිබෙන අවසරයද විවාදාත්මක බවයි. මෙම අයදුම්පත්‍රය ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ පෙළේ බලධාරියෙකුට අයත් පෞද්ගලික  කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු විසින් ඉදිරිපත් කර තිබූ බවද වැඩිදුරටත් දැනගන්නට ඇත.

මිනිසාට හීලෑ පක්ෂියෙකු ලෙස සලකා පරෙවියා අතීතයේ සිට මිනිසා හා බැඳී පවතී. ජාතික ජන ක්‍රීඩා සංසදය දක්වා තිබෙන මෙරට ජනක්‍රීඩා (ඉසව්) 350කට ආසන්න ගණන අතර  ‘පරෙවි තරග’ ලෙස  ජන ක්‍රීඩා ඉසව්වක්ද සඳහන් කර තිබේ.

 


අදහස් (0)

ජාතික සංගමයකට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.