Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය හා ශ්‍රී ලංකා ‘මුයිතායි’ සංගමය අහෝසි කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැරසේ. මෙම ජාතික ක්‍රීඩා සංගම් දෙක නිසි ක්‍රියාකාරිත්වයක් පෙන්වීමට අපොහොසත්වීමේ චෝදනා ලබා සිටින අතර අහෝසි කිරීමේ ගැසට් නිවේදන ප්‍රසිද්ධ කිරීම ඉතා ඉක්මණින්ම සිදු කෙරෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ජාතික ක්‍රීඩා සංගම් දෙකේ නිලවරණ ලබන මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු බව මීට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කර තිබුණි. ඒ මෙම වසරේදී (2022) මැයි 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් 25ක නාමලේඛනය ප්‍රකාශයට පත් කරමිනි.
ඉහත ජාතික ක්‍රීඩා සංගම් දෙක පසුගිය වසර කීපයේදී ක්‍රියාකාරීත්වයක් නොපෙන්වූ ජාතික ක්‍රීඩා සංගම් ලෙස චෝදනා ලබා සිටියි. ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරන්නේ ක්‍රියාකාරීත්වයක් නොමැති ‘නාම පුවරු’ වලට පමණක් සීමාවී තිබෙන ජාතික ක්‍රීඩා සංගම් පවත්වාගෙන යාමෙන් දේශීය ක්‍රීඩා කේෂ්ත්‍රයේ ප්‍රශ්න රැසක් නිර්මාණය වී තිබෙන බවයි.
අහෝසි කිරීමට නියමිත ‘මුයිතායි’ සංගමය පවත්වාගෙ යන ‘මුයිනායි ’ (Muay -Thai) ‘තායි බොක්ෂින්’ ලෙසද හැඳින්වෙන ආත්මාරක්ෂක සටන් ශෛලයකින් හෙබි ක්‍රීඩා ඉසව්වකි.
ජාතික ක්‍රීඩා සංගම් ලැයිස්තුවෙන් මීට පෙරද ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක්‍රීඩා සංගම් පහක් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා බැලේ නැටුම් (බෝල්රූම්) සංගමය, ශ්‍රී ලංකා සැම්බෝ සංගමය, ශ්‍රී ලංකා ජුජුට්සු’ සංගමය, ශ්‍රී ලංකා ස්ක්‍රැබල් සම්මේලනය හා ශ්‍රී ලංකා ‘පවර් බෝට්’ සංගමය එසේ ජාතික ක්‍රීඩා සංගම් නාමලේඛනයෙන් ඉවත් කළ ජාතික ක්‍රීඩා සංගම් වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.