Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාතික ක්‍රීඩා සංචිත සඳහා නිර්දේෂ ලබා ගැනීමේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පළාත් පුහුණු සංචිත නියෝජනය කිරීම අනිවාර්ය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැරසේ. ඒ සඳහා නීති දෙපාර්තමේන්තුවත් සමග එක්ව ක්‍රීඩා නව රෙගුලාසි කෙටුම්පතක් සකස් කෙරෙන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.
එහිදී ඔහු පෙන්වා දෙන්නේ ලබන වසරේ මාර්තු මාසයේ සිට ඒ සඳහා වන ක්‍රීඩා නව රෙගුලාසි ඉදිරි මාස හයක් ඇතුළත දී හඳුන්වා දීමට අපේක්‍ෂා කරන බවයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා පැවැසුවේ ක්‍රීඩා දක්‍ෂතා හඳුනා ගැනීමේ නව වැඩසටහන බලගැන්වීම සඳහා නව ක්‍රීඩා රෙගුලාසි ක්‍රියාත්මක කෙරෙන බවයි.
නව වැඩසටහන අදියර දෙකකින් ක්‍රියාත්මක වේ. පළමු අදියර යටතේ ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනේ. ඒ සඳහා ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි, කෘෂි පර්යේෂණ නිලධාරි හා සංවර්ධන නිලධාරි යන කාර්යධරයන්ගේ සේවය ලබා ගැනේ.
ප්‍රාදේශීය ලේකම්, පළාත් සභා නිලධාරි, තරුණ සේවා නිලධාරි, ගුරු උපදේශක යන ධුරයන්ගේ සහයෝගය ලබා ගන්නා දෙවැනි අදියර ද පළමු අදියරෙන් නිර්දේශ වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව තක්සේරුවකට පැමිණීමෙන් පසුව ඔවුන් දිස්ත්‍රික් පුහුණු සංචිතවලට අනුයුක්ත කෙරේ.
ඒ සඳහා ආසන්නයේ ඇති ක්‍රීඩා පාසල ද යොදා ගැනේ.
තෙවැනි (අවසන්) අදියරේ දී දිස්ත්‍රික් සංචිත ගත කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අඛණ්ඩ වසර දෙකක පුහුණුවක් ලබාදීමට සැලසුම් කෙරේ.
එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කෙරෙන අයදුම්පත්‍ර තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට නියමිතය. ඒ යටතේ සුවිශේෂ දක්‍ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.
නව වැඩසටහනට අනුව අන්තර් පළාත් ලීග් ක්‍රීඩා තරග මාලා සංවිධානය කෙරෙන අතර එහිදී පළාත් කණ්ඩායමක් තරගාවලියට යොමුවීමේ දී පළාත් කීපයක ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන්ට ඒකාබද්ධ කණ්ඩායම් ද එම තරග මාලා සඳහා සහභාගි කළ හැකිය.
වසරේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි හා පෙබරවාරි යන කාල සීමාව දක්ෂයන් හඳුනා ගැනීමේ ක්‍රීඩා වැඩසටහන වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන කාල සීමාව ලෙස එහිදී සැලකේ.
මෙහි සමාරම්භක උත්සවය ලබන සෙනසුරාදා (11) ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහාතගේ ප්‍රධානත්වයෙන් ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මේ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා වීඩියෝ ගත කර ක්‍රීඩා අමාත්‍යාංශයේ සමාජ මාධ්‍ය වෙත යොමු කිරීමෙන් ද මෙම ක්‍රීඩා දක්‍ෂයන් හඳුනා ගැනෙන නවතම වැඩසටහන තුළින් දක්‍ෂතා හෙබි නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට අපේක්‍ෂා කරයි.
මෙම වැඩසටහන සම්බන්ධව මෙරට සියළුම ජාතික ක්‍රීඩා සංගම් දැනුවත් කර ඇතැයි ද ක්‍රීඩා ඇමැතිවරයා මාධ්‍ය හමුවේ දී පැවැසීය. දීපව්‍යාප්තව ක්‍රීයාත්මක කෙරෙන මෙම වැඩසටහන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සම්බන්ධීකරණය කරයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් හා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරු ද අදහස් දැක්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.