Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය සංවිධානය කළ ජාතික සුපිරි ලීග බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට යුද හමුදාව සමත් විය. දියගම, ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාත්‍යන්තර බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 4-3 ක් ලෙස නාවික හමුදාව පරාජය කරමින් යුද හමුදා ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.
අවසන් පූර්ව වටයේදී රණබිම බේස්බෝල් සමාජය පරාජය කරමින් යුද හමුදා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අතර නාවික හමුදා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී රෝයල් බ්ලූස් බේස්බෝල් සමාජය පරාජය කරමිනි. රණබිම කණ්ඩායම සහ රෝයල් බ්ලූස් කණ්ඩායම අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැති තරගය ජයගැනීමට රණබිම කණ්ඩායම සමත් විය.
තරගාවලියේ ශූරතාව දිනාගැනීම වෙනුවෙන් යුද හමුදා කණ්ඩායමට ශූරතා කුසලාන සමගින් රුපියල් 75,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමුණ අතර අනු ශූරතාව වෙනුවෙන් නාවික හමුදාවට කුසලාන සමග රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක්ද, තෙවැනි ස්ථානය වෙනුවෙන් රණබිම බේස්බෝල් සමාජයට රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමිණ.
ඉකුත් මාර්තු මාසයේ සිට සති අන්තවලදී පැවැති මෙම තරගාවලිය සඳහා යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදා කණ්ඩායම්වලට අමතරව රණබිම, ඇතුගල, ආදි නාලන්දා සහ රෝයල් බ්ලූස් යන බේස්බෝල් සමාජ මෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාල කණ්ඩායමද සහභාගි විය.
යුද හමුදා කණ්ඩායම
නාවික හමුදා කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.