Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ව්‍යවස්ථාව කඩ වන ආකාරයෙන් කටයුතු කළ බව කියන නිලධාරීන් දෙදෙනකුට විමර්ෂනයකින් පසුව තහනමක් පැනවීමට එම සංගමයේ විනය කමිටුව නිර්දේශ කර තිබේ. එහිදී මොවුන්ට විනය කමිටුවෙන් චෝදනා ගණනාවක්ම එල්ලවී තිබූ බවද වාර්තාවේ.
ඇරබික් ජිම්නාස්ටික් පුහුණුකරුවෙකු වන රවීන්ද්‍ර මෙන්ඩිස් හා ගම්පහ දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමයේ හිටපු ලේකම්වරයෙකු මෙන්ම ජිම්නාස්ටික් පුපුහුණුකරුවෙකු හා විනිසුරුවරයෙකු වන ශාන්ත මෙදොන්සා යන මහත්වරුන්ට එරෙහිව මෙම තහනම පනවා තිබේ.
ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් උදාර එස්.ලියංවල මහතා පැවැසුවේ මෙම තහනම තුළින් ඔවුන් දෙදෙනාට ජිම්නාස්ටික් ක්‍රීඩා කේෂත්‍රයේ සියළු ආකාරයේ කටයුතුවල නියැළීම මුළුමණින්ම තහනම් වන බවයි. මොවුන්ගේ මෙම තහනම අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා ඒකකය වෙතද දැනුම්දී ඇතැයි වාර්තාවේ.
ඔවුන්ට තහනම පැනවීමේදී නිශ්චිත කාල වකවානුවක් ගැන සදහන් නොවේ.ජිම්නාස්ටික් සංගමයේ විනය කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රියන්ත පතිරණ මහතා කටයුතු කරයි. ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ වත්මන් සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී.දොළවත්ත මහතා කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.