Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මැයි 23 වැනිදා පෙරවරු 10ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ නිලවරණය තාවකාලිකව අත්හිටුවන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා නිලවරණ කමිටුවට උපදෙස් දී තිබේ. නිලවරණයෙන් ඉවත් කළ ක්‍රීඩා සමාජ 17ක් ගොනු කළ විරෝධතාවයක් සලකා බැලූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා අභියාචනා උපදේශන කමිටුව එය විභාග කර අවසන් වන තෙක් නිලවරණය කල්දමන ලෙස එහිදී නිලවරණ කමිටුවට උපදෙස් දී තිබේ.
කෙසේ වුවත් එම තීරණයට විරෝධය පළ කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරන සභාපති ධූර අපේක්ෂක මංජුල වීරසිංහ මහතා යොදාගෙන ඇති පරිදි මැයි 23 වැනිදා නිලවරණය නොපවත්වන්නේ නම් තමා අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවන බව දන්වා තිබේ.
ජූඩෝ සම්මේලනය ලියාපදිංචි ක්‍රීඩා සමාජ 63 කින් 46කට පමණක් ඡන්ද බලය හිමිව තිබෙන මෙවර නිලවරණයේදී සභාපති ධුරයට වත්මන් සභාපති අසේල ද සිල්වා මහතා ද නාමයෝජනා බාරදී තිබේ. එබැවින් එය දෙදෙනකු අතර සටනක් බවට පත්ව තිබේ.
ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත මෙවර ජූඩෝ නිලවරණයෙන් ක්‍රීඩා සමාජ 17ක් ඉවත් කර තිබේ. මෙම ක්‍රීඩා සමාජ බහුතරයක් ජූඩෝ ක්‍රීඩාව ප්‍රචලිත ගම්පොල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ඒවා බවද වාර්තාවේ. සිය ක්‍රීඩා සමජ නිලවරණයෙන් ඉවත් කිරීමට ගත් තීරණයේදී නිලවරණ කමිටුවේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බව දන්වමින් මෙම ක්‍රීඩා සමාජ 17 ක්‍රීඩා අමාත්‍යාංශයට අභියාචනා බාරදී තිබේ.
මෙම සභාපති අපේක්ෂකයන් දෙදෙනාම පසුගිය (2020-21) නිලවරණයේදී තරග වැදුණු අතර එහිදී එක් වැඩි ඡන්දයකින් වත්මන් සභාපතිවරයා තේරී පත්විය.
ජූඩෝ සම්මේලනයේ නිලවරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාය. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්.ඒ.ටී. ජයසිංහ හා කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අයි.එස්. රණසිංහ යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
ජූඩෝ විධායක සභාව සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික, ප්‍රධාන සංවිධායක, උපලේකම්, උපභාණ්ඩාගාරික යන ධුර හැරෙන්නට උපසභාපති ධුර දෙකක් හා විෂයන් 4කට අයත් අනුකමිටු සභාපති ධුර හතරකින්ද සමන්විතය. ඒ හැරෙන්නට විධායක සභික ධුර හතරක් සඳහා මෙවර නාමයෝජනා 11ක් ඉදිරිපත්ව තිබේ.
ප්‍රධාන ලේකම්ධුරය සඳහා කේ. හපුආරච්චි හා කේ.පී. ලීගස්තැන්න යන මහත්වරු තරග වදිති.
උපසභාපති ධුර දෙක පිරවීමේදී පී.සී. පුෂ්පකුමාර, එස්. කුමාරවංශ හා සී.පී. උඩගෙදර යන මහත්වරු නාම යෝජනා ඉදිරිපත් කර තිබේ. උපලේකම් ධුරයට ඉදිරිපත්ව තිබෙන නාමයෝජනා ගණන පහකි. එහෙත් උපභාණ්ඩාගාරික ධුරයට ඒ.ඒ.ඒ.ජී. පෙරේරා මහතාගේ නාමයෝජනාව පමණක් ඉදිරිපත් වීමෙන් පසුව ඒ සඳහා නිතරගයෙන් පත්වීමේ අවස්ථාව හිමිව තිබේ.
ප්‍රධාන සංවිධායක ධුරය පිරවීමේදී මංගල වීරසිංහ හා එන්.සී.කේ. කුමාර යන මහත්වරුන් ඒ සඳහා නාමයෝජනා බාරදී තිබේ. මෙවරත් සභාපති ධුරයට තරගවදින මංජුල වීරසිංහ මහතා ජූඩෝ සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකි. තාක්ෂණ විනිසුරු පුහුණු හා සංවර්ධන යන විෂය බාර අනුකමිටු සභාපතිවරුන් පත්කිරීමේදී ඒ සඳහා බාරදී තිබෙන නාමයෝජනා ගණන අටකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.