Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජොකෝවික් මේ වසරේ තරග අතහරි

ජොකෝවික් මේ වසරේ තරග අතහරි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැළමිටේ ඇැතිවූ ආබාධයක් නිසා තමා මේ වසරේදී නැවත ටෙනිස් පිටියට නොඑන බව ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල හිටපු අංක එකේ ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකෝවික් කියයි.

විසිවතාවක්ම ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා දිනාගෙන සිටින මේ 30 හැවිරිදි ක්‍රීඩකයා විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී වැළමිටේ ආබාධයට ලක්වී තරගයෙන් ඉවත් විය. ඔහු කියන ආකාරයට මේ වැළමිටේ ආබාධය ඔහු මාස 18 ක් තිස්සේ පීඩාවට පත් කරමින් තිබෙන්නකි.

‘වෘත්තීය ක්‍රීඩකයෙක් හැටියට මේක මට හරි අමාරු තීරණයක් වුණා. මොකද සෙල්ලම් කරන එකනේ මගේ රස්සාව. ‘ වත්මන් ටෙනිස් පිටියේ අංක 4 ස්ථානයේ පසුවන මේ සර්බියානුවා කීවේ දුකකිනි.

ඔහු කියන හැටියට මේ වසර පුරාම සිය ශක්තිය හා ශාරිරික යෝග්‍යතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අදහස වී තිබේ. ඒ වගේම ක්‍රීඩා කරද්දී දුර්වල වන තැන් නැවත පිළිසකර කරගැනීමටත් මේ විවේක කාලය යොදා ගැනිමට ඔහු අදහස් කරයි.

‘මට තව අවුරුදු ගාණක් වෘත්තීය ක්‍රීඩකයෙක් හැටියට සෙල්ලම් කරන්නයි ඕනා. ඒ නිසා මේ අවුරුද්ද පුරා ආපහු ක්‍රීඩා කරන්නට නොහැකිවීමේ දුක ඉදිරිය ගැන හිතලා මම විඳ දරාගත්තා.‘ ඔහු කියයි.

ජෙකෝවික්ගේ මේ තීරණයට අනුව අගෝස්තු මස 28 දා ඇරැඹෙන අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලිය ඔහුට මඟහැරෙනු ඇත. වසර 2011දී සහ 2015 දී ඒ ශූරතාව දිනාගත්තේ ජොකෝවික්ය.

‘සර්බියාවේ විතරක් නෙවෙයි මුලු ලෝකය පුරාම මම උපදෙස් ගත්තු හැම වෛද්‍යවරයකුම, මම මුණ ගැසුණු හැම විශේෂඥවරයකුම එකඟවුණු කාරණාව තමයි ආබාධය නැවත සුව අතට පත්වීමට නම් විවේකය අත්‍යවශ්‍යයයි කියන එක.‘

‘එකදිගට ක්‍රීඩා කරද්දී මගේ වැළමිට රිදෙන්න ගන්නවා. පන්දුව පිරිනැමීමේදී එය මගේ අවධානය බිඳ දැමීමට තරම් වේදනාත්මක එකක් වෙනවා. දැන් දැන් පහසු පහරවල් කරා යාමේදී පවා ඒ වේදනාව ඇතිවෙනවා.‘
‘මගේ ටෙනිස් දිවියේ ආරම්භයේ සිටම මට මොනවා හරි අසනීපයක්  ඇතිවෙනවාමයි. ඉතිං සෑහෙන්න ඉවසීමකින් තමයි සෙල්ලම් කරන්න සිද්ධවුණේ. ඒත් දැන් මම ඒකට විසඳුමක් හොයාගත්තා. ඒ තමයි විවේක ගැනීම. මට හොඳටම විශ්වාසයි මම ආපහු ටෙනිස් පිටියට එන්නේ මීට කළින් නොතිබුණු ශක්තියක් එක්කයි.‘ ජොකෝවික් එසේ කියන්නේ දැඩි අධිෂ්ඨානශීලීවය.

ඔහුගේ වාසනාවට පුහුණුකරු වන හිටපු සුපිරි ටෙනිස් ක්‍රීඩක ඇන්ඩෘ අගසි වසර 2018 තරගවාරය වනතුරු ජොකෝවික් සමග සිටීමට පොරොන්දු වී තිබේ.
    

- 077


අදහස් (0)

ජොකෝවික් මේ වසරේ තරග අතහරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.