Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජෝන් ටාබට් මලල කී‍්‍රඩා 15 දා සිට

ජෝන් ටාබට් මලල කී‍්‍රඩා 15 දා සිට

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමය සංවිධානය කරන 46 වැනි ශ‍්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ පාසල් මලල ක‍්‍රීඩා තරගාවලිය මේ මස 15 වැනිදා සිට 19 වැනිදා දක්වා අනුරාධපුර මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. රිස්බරි සමාගමේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලයට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 6,000 කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය.


”අපේ මූලික අරමුණ වන්නේ රටේ පාසල් මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය නගාසිටුවීමයි. ඒ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ශ‍්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ පාසල් මලල ක‍්‍රීඩා තරගාවලිය මගින් විශාල දායකත්වයක් ලැබෙනවා”


” රිට්ස්බරි සමාගමේ අනුග‍්‍රහය නොතිබෙන්නට මෙම තරගාවලිය මෙතරම් සාර්ථකව පැවැත්වීමට අපට හැකියාව ලැබෙන්නේ නැහැ” යයිද පසුගිය වසර 3 පුරාම තරගාවලියට අනුග‍්‍රහය දැක්වූ සිලෝන් බිස්කට්ස් සමාගම ඒ සම්බන්ධයෙන් දක්වන දායකත්වය අගයමින් ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති එන්. ඒ. ඞී. ආර්. හේමන්ත මහතා කියා සිටියේය.


සී. බී. එල්. සමාගමේ සමූහ අධ්‍යක්ෂ/අලෙවි සහ වෙළෙඳ ප‍්‍රධානී නන්දන වික‍්‍රමගේ මහතා (දකුණේ සිට දෙවැනියට) විසින් ශ‍්‍රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමයේ ලේකම් නෙවිල් ප‍්‍රනාන්දු මහතාට අනුග‍්‍රාහක චෙක්පත භාරදෙන ලද අවස්ථාව ඡුායාරූපයෙන් දැක්වේ. සී. බී. එල්. සමාගමේ සමාගමේ අධ්‍යක්ෂ/සමූහ සාමාන්‍යාධිකාරී අයි. එම්. ඛාන් මහතා සහ ශ‍්‍රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමයේ අනුශාසක උපාලි අමරතුංග මහතාද ඡායාරූපයෙහි සිටිති.

-036

 


අදහස් (0)

ජෝන් ටාබට් මලල කී‍්‍රඩා 15 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.