Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටයිමල් මිල්ස් වෙනුවට ස්ටබ්ස් කැඳවයි

ටයිමල් මිල්ස් වෙනුවට ස්ටබ්ස් කැඳවයි

editorial - 2022 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුබ්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක එංගලන්ත ජාතික ටයිමල් මිල්ස්ට වළලුකර ආබාධයක් හේතුවෙන් මෙවර (2022) ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සෙසු තරගවලට සහභාගී වීමේ අවස්ථාව අහිමිවී තිබේ.

මෙවර තරගාවලියේ තරග 5 කට ක්‍රීඩා කළ මිල්ස් එහිදී ඕවර 17 ක් යවා ලකුණු 190 ක් ලබාදෙමින් කඩුලු 6 ක් දවාගත්තේය. එහිදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 31.66 ක් ලෙස සටහන් විය. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 35 කට කඩුලු 3 ක් දවාගැනීමට ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් විය.

මිල්ස්ගේ හිදැස පිරවීම සඳහා 21 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික කඩුලු රකින ක්‍රීඩක ට්‍රිස්ටන් ස්ටබ්ස් කණ්ඩායමට එක්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කලමණාකාරීත්වය පියවර ගෙන තිබේ. මුම්බායි කණ්ඩායම ඔහුගේ සේවය මිලදීගෙන ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක මුදලකටය.

මේ දක්වා විස්සයි-20 තරග 17 කට ක්‍රීඩා කර ඇති ස්ටබ්ස්, එහිදී අර්ධ ශතක 3 ක් සමග ලකුණු 506 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 38.92 ක සාමාන්‍යයක් සහ 157.14 ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි.


-036

 


අදහස් (0)

ටයිමල් මිල්ස් වෙනුවට ස්ටබ්ස් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.