Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකා හෙරිටේජ් ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන, වයස 50 න් ඉහළ, ඩබල් විකට් තරගාවලිය මාර්තු මස 01 සහ 02 දිනවල (සෙනසුරාදා සහ ඉරිදා) කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 20 ක් සහභාගි වෙති.
මෙම කණ්ඩායම් 20 කාණ්ඩ හතරකට බෙදා ලීග් පදනම මත මූලික වටය පැවැත්වෙයි. එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. වයස අවුරුදු 50 ඉක්මවූ ක්‍රීඩකයන් සඳහා වන තරගාවලියක් වන බැවින්, මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ පැරණි ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් සහභාගි වෙති.
තරගාවලියේ අවසන් තරගය මාර්තු 02 වැනිදා පස්වරු 4.30 ට පැවැත්වීමට නියමිතය.
අවසන් මහ තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මයිකල් තිසේරා මහතා සහභාගි වෙයි. එහි විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් දැනට සිටින වයස්ගතම ක්‍රීඩකයා වන චන්ද්‍රා ෂාෆ්ටර් මහතාද සහභාගි වීමට නියමිතය.
තරගාවලියේ ශූරයන්ට සහ අනුශූරයන්ට කුසලානයක් සමග මුදල් ත්‍යාගයක් ද හිමිවේ. ඊට අමතරව තරගාවලියේ වීරයාට සහ වයස්ගතම ක්‍රීඩකයාටත් විශේෂ ත්‍යාග හිමිවෙයි.
මෙම ඩබල් විකට් තරගාවලියේ පළමුවැන්න පසුගිය වසරේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එම තරගාවලියේ ශූරතාව කොළඹ මාස්ටර්ස් ක්‍රිකට් සමජය විසින් දිනාගන්නා ලදි. එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට අනුශූරතාව හිමිවිය.
තරගාවලිය සංවිධානය කරන ලංකා හෙරිටේජ් ක්‍රිකට් සමාජය ශ්‍රී ලංකාවේ පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩිකාවන්ටත් විවෘත ක්‍රීඩා සමාජයකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.