Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩිල්ෂාන්ටත් ආරාධනා

ඩිල්ෂාන්ටත් ආරාධනා

editorial - 2021 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය සංවිධානය කරනු ලබන කාෂ්මීර් ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ශාන්ට ආරාධනාවක් ලැබී ඇත. නමුත් එම තරගාවලියට සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබඳව ඔහු තවම තීරණයක් ගෙන නොමැති බව දැනගන්නට ලැබේ.

ඩිල්ශාන් යම් හෙයකින් එම තරගාවලියට එක්වීමට තීරණය කලහොත් මුසෆරාබාද් ටයිගර්ස් පිලේ විදේශීය ක්‍රීඩකයා ලෙස ක්‍රීඩාකරනු ඇත.

පළමු වරට සංවිධානය කරනු ලබන කාෂ්මීර් ප්‍රීමියර් ලීග් තරගාවලිය අගෝස්තු මස 04 වැනිදා සිට අගෝස්තු මස 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. කණ්ඩායම් 6 ක් තරගාවලියට එක්වන අතර සියළුම කණ්ඩායම් එකිනෙකා සමගින් තරග වඳිනු ඇත. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 පිළිමළුන් පිටුදැකීමේ තරග සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

තිලකරත්න ඩිල්ශාන් සමගින් හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස්, හිටපු එංගලන්ත ක්‍රීඩකයන් වන මොන්ටි පනීසාර්, මැතිව් ප්‍රයර් ඕවසීස් ශා සහ පිල් මස්ටඩ් විදේශීය ක්‍රීඩකයන් ලෙස කාෂ්මීර් ප්‍රීමියලර් ලීග් තරගාවලියට එක්වනු ඇත.

- 2079

 


අදහස් (0)

ඩිල්ෂාන්ටත් ආරාධනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.