Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩී. එස්. - මියුසියස් ශූරතා දිනති

ඩී. එස්. - මියුසියස් ශූරතා දිනති

editorial - 2023 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය

ජාතික ජීවිතාරක්‍ෂක සම්මේලනය විසින් සංවිධානය කරන ලද අතරමැදි ජීවිතාරක්‍ෂක තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව ලකුණු 1163 ක් ලබාගත්  කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය විසින් දිනාගන්නා ලදි. මෙම තරගාවලියේ ලකුණු 1364 ක් ලබාගත් කොළඹ මියුසියස් විද්‍යාලය සමස්ත කාන්තා ශූරතාව දිනා ගත්තේය.

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩක ක්‍රීඩිකාවෝද මෙම අතරමැදි ජීවිතාරක්‍ෂක තරගාවලියට සහභාගි වූහ. මෙම තරගාවලිය පසුගියදා ගල්කිස්ස මුහුදු වෙරළේදී පැවැත්විණ.

සමස්ත බාලක කාණ්ඩයේ අනුශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලය විසින් හිමිකරගන්නා ලද අතර තුන්වැනි ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විදුහලට හිමිවිය.

සමස්ත බාලිකා කාණ්ඩයේ අනුශූරතාව රුවන්පුර ජලක්‍රීඩා සමාජය විසින් හිමිකරගන්නා ලද අතර තුන්වැනි ස්ථානය ගල්කිස්ස සර්ෆින් සමාජයට හිමිවිය.

වයස 14 න් පහළ, 17 න් පහළ, 20 න් පහළ යන වයස් කාණ්ඩවලින් බාලක සහ බාලිකා තරග පැවැත්විණ. වයස 20 න් ඉහළ තරග පිරිමි තරගකරුවන්ට පමණක් සීමා විය.


බාලක වයස්කාණ්ඩ ශූරතා
■ 14 න් පහළ - නාලන්දා විද්‍යාලය
■ 17 න් පහළ - නාලන්දා විද්‍යාලය
■ 20 න් පහළ - ඩී.එස්.සේනානායක විද්‍යාලය
■ 20 න් ඉහළ - රිච්මන්ඩ් විද්‍යාලය


බාලිකා වයස්කාණ්ඩ ශූරතා
■ 14 න් පහළ - මියුසියස් විද්‍යාලය
■ 17 න් පහළ - මියුසියස් විද්‍යාලය
■ 20 න් පහළ - ගල්කිස්ස සර්ෆින් සමාජය

කොළඹ මියුසියස් විද්‍යාලය ...


අදහස් (0)

ඩී. එස්. - මියුසියස් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.