Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩී.එස්. - මහින්ද අවසන් තරගය ඉරිදා

ඩී.එස්. - මහින්ද අවසන් තරගය ඉරිදා

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර ‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ අවසන් මහ තරගය මේ මස 25 වැනිදා (ඉරිදා) බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලීය කණ්ඩායම මාධව චතුරංග විසින්ද ගාල්ල මහින්ද විද්‍යාලීය කණ්ඩායම ධනුජ ඉඳුවර විසින්ද මෙහෙයවනු ලබති.

පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයත්, අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ ඉසිපතන විද්‍යාලයත් පරාජය කළ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය අවසන් පූර්ව තරගයේදී කොළඹ රාජකීය විද්‍යලයත් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.

පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයද, අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ ශාන්ත පීතර විද්‍යාලයද පරාජය කළ ගාල්ල මහින්ද විද්‍යාලය අවසන් පූර්ව තරගයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යලයත් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.

 

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලීය සංචිතය
ඉදිරි පෙළ වමේ සිටඃ නිහාල් ප්‍රනාන්දු මහතා (ජේෂ්ඨ ක්‍රීඩාභාර ආචාර්ය), කපිල ප්‍රදීප් මහතා (ක්‍රීඩා පාලක), මාධව චතුරංග (නායක), ආර්.එම්.එම්.රත්නායක මහතා (විදුහල්පති), අයි.එස්.කුලතංග මහතා (නියෝජ්‍ය විදුහල්පති), මනුර පීරිස් (උපනායක), හේමන්ත විජේසිංහ මහතා (ක්‍රීඩාභාර ආචාර්ය), කාර්තික් සෙල්වම් (පුහුණුකරු)
පසු පෙළ වමේ සිටඃ රංදීෂ බණ්ඩාරනායක, චිංතන එරංදක, ගවිරු සෙනෙහස්, චෙනුල් පිංසර, මලිත පෙරේරා, අදීෂ බණ්ඩාරනායක, අකිඳ වීරසූරිය, රුචිර තීක්ෂණ, කෝෂිත භාග්‍ය, නෙමිත සංවන්, ඉමල් විෂුයින්, ඉමේෂ් අදීෂ, දේශාන් හෙට්ටිගේ, රිසින් පෙරේරා, මොහොමඞ් හුමේත්, දිලාෂ් කුමාරනායක, යෙවින් වත්තේවැව.

ගාල්ල මහින්ද විද්‍යාලීය සංචිතය
ඉදිරි පෙළ වමේ සිටඃ ධනුජ ඉඳුවර (නායක), රාජ් ශ්‍රීයාවන්ශ මහතා (පුහුණුකරු), ධනුෂ්ක දෙනගම (ප්‍රධාන පුහුණුකරු - කණිෂ්ඨ), ගාමිණි ජයවර්ධන (විදුහල්පති), රුවන් කුමාර (ක්‍රීඩාභාර ආචාර්ය), හිරුණ මංදිල (උපනායක)
පසු පෙළ වමේ සිටඃ මහීෂ චංදුප, නිකිල් ජයවීර, ප්‍රවින් තීක්ෂණ, තෙමික දිල්මිත්, තරූෂ දිල්ෂාන්, සාවින්ද්‍ය රංමිණ, අදීෂ සඳලිඳු, දුලන රාජපක්ෂ, ඕෂධ ලක්ෂාන්, මිනුක මොන්දිත්, ඔනෙත් විනුජන, කවීන් රුක්ෂාන්, තිමෝද් තරිඳු.


අදහස් (0)

ඩී.එස්. - මහින්ද අවසන් තරගය ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.